Colombo Today Local NewsHot News

මහින්ද ඝාතනයට ආ කොටියාට සමිතා නවාතැන් දීලා.. ජොන්ස්ටන්ගේ කුප්‍රකට කොටි නැටුම නැවතත් කරළියට !

Jonta582

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සදහා එවකට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් කොළඹට ගෙන්වූ මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙකුට නවාතැන් දීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව මහත්මියට රහස් පොලීසියට පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.

සමිතා මුදුන් කොටුව මහත්මියගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය කටයුතු කරනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා එවකට එජපයේ සිට රාජපක්ෂ රජයට එක්වීමෙන් පසුව එවක රජයගේ ඉහළම බලපෑම මත නීතිපති දෙපාර්තමේන්තු විසින් යටගැසූ ජනාධිපති ඝාතනය කිරීම සදහා කොටි සංවිධානය සමග එක්ව ඔහු සිදුකළ සැළසුම සම්බන්ධයෙන් වූ AG/45/2010 ලිපිගොනුව ඔස්සේ රහස් පොලීසිය නැවත විමර්ශන අරඹා ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

B/7465/01/2009 නමැති පැමිණිල්ලට අනුව එම සිද්ධිය සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රහස් පොලීසිය විසින් මුල්වරට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇත්තේ 2009 වසරේ ජනවාරියේදීය.

කොටි බුද්ධි අංශයේ නියෝජ්‍ය නායක කපිල් අම්මාන්ගේ උපදෙස් මත මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් තිදෙනෙකු යොදවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කොළඹ 07 ග්‍රෙගරි පාරේ යම් ස්ථානයකදී ඝාතනය කිරීමට විදේස් කොටි නියෝජිතයෙකු සමග ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදුකළ සැළසුමක් සම්බන්ධයෙන් නැවත වරක් මේ දිනවල දේශපාලන අභ්‍යන්තරයේ කතා බහට ලක්වෙමින් පවතී.

මෙ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු වන කතෝලික පූජකවරයෙක් විසින් දියත්කළ තරුණ භික්ෂූන් වහන්සේලා උපැවිදි කරවීමේ කුමන්ත්‍රණයක් පිළිබදව එවකට ඔහු ඇමතිවරයෙකුව සිටියදී වාර්තා වූ අතර එම ක්‍රියාකළාපය මේ වන විටත් නිරුපද්‍රිතව ක්‍රියාත්මක වන බවටද තොරතුරු ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් Colombotoday වෙතින් බලාපොරොත්තු වන්න.

Related posts

ව්‍යවස්ථා සභාවට අභියෝග කරන්න ජනාධිපතිට බලයක් නෑ

Admin

තේ ප්‍රතිඅපනයනය ඉහළගොස් ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යක්

colombotoday

විපක්ෂ නායකකමට මහින්දගේ නම ඒකමතිකව යෝජනා වෙයි…

colombotoday

මැත් වීමේ සම අයිතිය ඉල්ලා සිනමා නිළියකුත් උසාවි යයි

colombotoday

ජනපති හෙලිකල රාජ්‍ය බැංකුවල මුදල් පෞද්ගලික බැංකුවලට නිදහස් කිරීම පිටුපස සිටියේ ඇමති කබීර් හෂීම්

colombotoday

ක්‍රීඩා ඇමතිගේ රගර් ස්ථාවරකරණ කමිටුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව නොපිළිගනී

Admin