සිව් දිනක් පුරා මහනුවර සිට ගමන් කළ ඒකාබද්ධ විපක්ෂ ජන සටන පාද යාත්රාව අති විශාල ජනකායක් සමග මේ වන විට කොළඹ නගරයට ඇතුළු වී තිබේ.
අවසන් ජනරුළිය කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට කලින් වෙන්කර ගෙන තිබුණද පෙරේදා හදිසියේ ආරම්භ කළ එහි අළුත්වැඩියා කටයුතු මේ වන තෙක් නිමාකර නැත.
අවසන් මොහොතේ බොරැල්ල කැම්බල් පිටිය ජන රැළිය සදහා ලබා දීමට රජය තීරණය කර ඇතත්, කල් වේලා ඇතිව සූදානම් කර ගැනීමට පිටියක් ලබා නොදීම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් විසින් රජයේ එම තීරණය ප්රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.
එබැවින් විරෝධතා ජන රැළිය ලිප්ටන් වටරවුමේදී පැවැත්වීමට සූදානම් වෙතැයිද වාර්තා වේ.