Colombo Today Local NewsWorld

ඉස්ලාම් අන්තවාදීන් ඉන්දුනීසියාවේ පන්සල් 6ක් ගිනිතබා වනසයි !

sumatra

ඉන්දුනීසියාවේ බෞද්ධ විහාරස්ථාන 6ක් ගිනිතබා විනාශ කර ඇති අතර, ඉන්දුනීසියානු බලධරීන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ගිනී තැබීම සම්බන්ධයෙන් ඉස්ලාම් භක්තිකයන් 7ත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය කටයුතු කර ඇති බවයි.

උතුරු සුමාත්‍රා දූපතේ, තන්ජුන් බාලි නගරයේ පිහිටි මෙම විහාරස්ථාන එරට සුළුතර චීන ජාතිකයන් සිය ආගමික කටයුතු සදහා භාවිතා කර ඇතැයි සදහන්. සුමාත්‍රා දූපතේ ජීවත් වන චීන කාන්තාවක්, ඇගේ නිවස අසල පිහිටි මුස්ලිම් පල්ලියෙන් නැගෙන අධික ශබ්දය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව බෞද්ධ සහ කොන්ෆියුසියස් දහමට සම්බන්ධ පන්සල්වලට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

අතීතයේ බෞද්ධ රටක් වූ ඉන්දුනීසියාවසියවස් ගණනාවක් පුරා සිදුවූ දැවැන්ත සංහාරයකින් පසුව මේ වන විට 86% කඉස්ලාම් බහුතරයකින් යුතු ඉස්ලාමීය රටක් බවට පත්ව තිබෙන අතර, සුළුතර ආගමිකයන් ඉලක්ක කරමින් ප්‍රහාර හා බියවැද්දීම් නිරන්තරයෙන්ම සිදුවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ.

Related posts

“සුපර් මෑන්“ බස්නාහිරටත් එපා.. පනත වැඩි ඡන්දයෙන් පරාදයි

colombotoday

ලක් වෙද පුතෙක් ලියුකේමියාවට බැට දෙන දිව ඔසුවක් තනයි

colombotoday

ගිංතොට ආරක්ෂාව තර කරයි.. ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරිනීතිය !

colombotoday

අපහාස කරලා මග හරින්න එපා… අනුර කුමාරට ගම්මන්පිලගෙන් අභියෝගයක්

colombotoday

කතරගම කඩවර දේවාලයේ ශිතකරණයේ මුවමස්.. කපුවා අධිකරණයට

colombotoday

පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් කෝටිපති අබ්දුල්ලා දින 90ක් රදවාගෙන ප්‍රශ්න කරන්න අවසර

Admin