Colombo Today Local News

රතුපස්වලට අවුරුදු තුනයි.. මානව හිමිකම් කොමිසමෙන් යළිත් විමර්ශන

rathu33පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ගම්වැසියන්ට හමුදාවෙන් වෙඩි තැබා වසර තුනක් පිරීම නිමිත්තෙන් එම ප්‍රදේශයේ ගැටළු සොයා බැලීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විමර්ෂණ කණ්ඩායමක් ඊයේ (28) රතුපස්වලට ගියහ.

මානව හිමිකම් කොමිසමෙන් නිකුත් කළ නිර්දේශ අදාළ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කර නැති බව හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැති බව කියමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලක් අනුව කොමිසම යළි විමර්ශන ආරම්භ කළේය.

ගම්වැසියන් නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම හා මානව හිමිකම් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට ලිඛිතව ප්‍රකාශ ලබා දුන්නේය. සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානයේ සංවිධායක සුරේෂ් පෙරේරා ඇතුළු ගම්වාසීහු රැසක් කොමිසමට තොරතුරු ලබා දුන්හ.

රතුපස්වල සිදුවීමට අගෝස්තු පළමු වැනිදාට අවුරුදු තුනකි.

Related posts

එරික් සෝල්හයිම් දිවයිනට

colombotoday

තිදරු මවට අතවර කළ යක්කලමුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

colombotoday

අපේ විතරක් නෙවෙයි… ඉන්දියාවේ හා පාකිස්ථානයේත් රුපියල බාල්දු වෙලා…

colombotoday

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට

colombotoday

ශ්‍රීලනිප කිසිවෙකු පාර්ලිමේන්තුවට නොපැමිණේ.. ඡන්දය දෙනවාද නැද්ද.. තවමත් වැට උඩ !

colombotoday

“පඩියත් හොදටම මදි.. දීමනා තව ඕන.. සැප වාහන නැතිව ගමන් බෑ, ඇගට හොද නෑ“ එස්.බී

colombotoday