Colombo Today Local News

ජන සටනට එජාපයෙන් කොක්කක්… 28 දා එජාප පාක්ෂිකයන් තොගයක් නුවරට කැදවයි !

fsds55ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (28) ආරම්භ කිරීමට නියමිත පාගමනට සමාන්තරව, එජාපය විසින් එදිනම උදෑසන සිට මහනුවරදී එජාප ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

එජාප මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවා ඒ බව දැනුම් දී සිටියේය. එම වැඩසටහන සදහා එජාප පාක්ෂිකයන් දහස් ගණනක් නුවරට කැදවීමට සූදානම් බවද ඔහු පැවසීය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට එරෙහිව ලක්ෂ 15කට අධික වතු කම්කරු ජනතාවක් සමග පාරට බැසීමට තමන් සූදානම් බව බදුල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පවසයි. පාද යාත්‍රාව තුළින් ජාතිවාදය ඇවිස්සීමට යන බවත් ඊට එරෙහිව මුස්ලිම් ජනතාවද එක්ව මෙසේ පාරට බහින බවත් ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කර ඇත්තේ අනවශ්‍ය ගැටුමක් ඇතිකර පාගමන කඩා කප්පල් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවයි. ඒකාබද්ධ විපක්ෂ ප්‍රකාශකයෙකු පැවසූවේ පාගමන සහ මාර්ගය, දින වකවානු පිළිබදව පොලීසිය දැනුවත් කර ඇත්තේ දින ගණනකට කලින් බැවින් අනවශ්‍ය ගැටුම් වැළැක්වීම පොලීසියේ වගකීමක් බවයි.

මේ අතර දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවීමේ අවධානමක් ඇතිබව සලකා ඒකාබද්ධ විපක්ෂයේ පාගමන අත්හිටුවන ලෙස ඉල්ලා පොලීසිය හරහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ආණ්ඩුවේ පාර්ශව සූදානම් බවද ආරංචිමාර්ග පවසයි.

Related posts

තව අවුරුද්දකින් ගෑස් සිලින්ඩරේට රට බාරගන්න වෙනවා

Admin

බලවතෙකුගේ සහයෙන් දුමින්ද සිංගප්පූරුවට.. “යහපාලනේ හෙළුවෙන් දුවන්න යයි“ කැෆේ කිපී මෙසේ කියයි

colombotoday

ආපදා හේතුවෙන් වසා තැබෙන බස්නාහිර, සබරගමුව පාසල් මෙන්න

colombotoday

ලංකා බැංකුවේ ශාඛා 23ක් වසයි

colombotoday

මිහින්තලේ බැංකු මංකොල්ලයක් නූලෙන් ගැස්සෙයි

colombotoday

නව මුදල් පනත අද සිට බලාත්මකයි

colombotoday