Colombo Today Local News

දකුණේ සිසුන් උතුරේ විශ්වවිද්‍යාලවලට වැඩි වශයෙන් බදවාගැනීම ප්‍රශ්නයක් – විග්නේෂ්වරන්

vigneshwaranඋතුරේ විශ්වවිද්‍යාල සදහා පිට පළාත්වල සිසුන් වැඩි වශයෙන් බදවා ගැනීම බරපතල ප්‍රශ්නයක් බවත්, ඔවුන්ගේ සංස්කෘතීන් උතුරු භුමියේ තහවුරු කරන්නට වෙර දැරීම අනුමත කළ නොහැකි බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් සහ විපක්ෂ නායක වී. තවරාසා විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුතු කරමින් සදහන් කර සිටී.

යාපනය විශ්ව විද්‍යාලයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් පසුගිය බදාදා (20) මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, උතුරු නැගෙනහිර පළාත් තුළ හමුදා බලඇණි රදවා තිබීම එම ගැටුමට හේතුවක් වූවාදැයි වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද එමගින් අවධාරණය කර ඇත.

පසුගිය කාලයේ තම ඉල්ලීම් වෙනුවෙන් සිසුන් අරගල කළත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් ප්‍රතිචාර නොදැක්වූ බවත්, දෙමළ ජනතාවගේ ඉල්ලීම් නොතකා හැරීම නිසා එය ආයුධ සන්නද්ධ අරගලයක් දක්වා දිග්ගැස්සුණු බවද එම නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Related posts

රන්ජන් රාමනායක සහ ඉන්දික අනුරුද්ධ ගුටි කෙලියක් අනූ නමයෙන් නවතී

colombotoday

හම්බන්තොට-කොටුව අධිවේගී බස් සේවාව හෙටින් ඇරඹේ… ගාස්තු මෙන්න

colombotoday

සන්ධ්‍යා එක්‌නැලිගොඩට මා එදා කීවේ මෙච්චරයි… ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පිළිතුරු දෙති

colombotoday

මහ සමුළුවට නොඑන සියලුම ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි !

colombotoday

සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි

colombotoday

හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කරන, කොටි හිතවාදී ජයපාලන්ට මංගලගෙන් ආරාධනා

colombotoday