Colombo Today Local News

ආණ්ඩුවට විරුද්ධව පාගමන් ගියොත් වෙනදේ බලාගමු !

duminda dissanayake

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමැතියකින් තොරව පක්ෂයේ නම භාවිත කරමින් පා ගමන් පැවැත්වීම නීති විරෝධි බවත්, එවැනි පාගමනකට සහභාගී වන පක්ෂ සාමාජිකයන්ට ඉදිරියේදී සිදුවන දේ බලාගත හැකිවනු ඇති බවත් ශ්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ශ්‍රීලනිප මහ ලේකම්වරයා මේබව පැවසීය.

රජයට එරෙහිව කවුරුන් හෝ පාද යාත්‍රා එකක් නොව සීයක් පැවැත්වූවත් එමගින් ආණ්ඩුවට හෝ නිදහස් පක්ෂයට ගැටළුවක් නොවන බවද දුමින්ද දිසානායක මහතා එහිදී පැවසීය.

පක්ෂය තුළ ඉදගෙන පක්ෂය තුළ බෙදීමක් ඇතිකිරීමට කටයුතු කරන අය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැඩි තීන්දුවක සිටියත් පක්ෂය ශක්තිමත් කිරීම සදහා එම නීති ක්‍රියාත්මක නොකර පක්ෂය ගොඩනැගීම සදහා මේ දිනවල වෙහෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියහ.

Related posts

පිළිකා රෝහලට හිඟ ඖෂධ ගුවනින් ගෙන්වන්න සුව ඇමතිගෙන් නියෝග…

colombotoday

අට පිරිකර නිෂ්පාදනයට සහ අළෙවියට ලියාපදිංචි වීම අනිවාර්යයි

colombotoday

උප්පැන්න නැති ශ්‍රී ලාංකිකයින්ට ID එකක්

Admin

විශ්වාසභංගයට පෙර වහාම ඉල්ලා අස්වෙන්න – ශ්‍රීලනිපය නිල වශයෙන් අගමැතිට දන්වයි

colombotoday

රාජ්‍ය ආදායම කෝටි 1424කින් පහළට !

colombotoday

මල මිනී උඩින් චීනය ලෝක බලවතා වීමේ සිහින දකිනවා – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday