Colombo Today Local News

ශ්‍රී රංගා අධිකරණයට ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කරලා

sri_ranga
ශ්‍රී රංගා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටියදී 2011 වසරේදී ඔහු පදවාගෙන ගිය ජිප් රථය සෙට්ටිකුලමේදී අනතුරකට ලක්ව එහි ගමන් ගත් ඇමති ආරක්‍ෂක පොලිස් කොස්තාපල්වරයා මියගිය පසු වාහනය පදවන ලද්දේ මිය ගිය එම නිළධාරියා බවට අධිකරණයට බී.වාර්තාවක් ඉදිරිපත්කර ඇත්තේ එවකට සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සංජීව මහතාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඔහු ඉදිරිපත්කරන ආකාරයට බව හෙළිවී තිබේ.

එම බී.වාර්තාව සකස්කර ඇත්තේ වව්නියාව පොලිස් අධීකාරී කාර්යාලයේදී බවද මේ වන විට හෙළිවී ඇත.

ශ්‍රී රංගා මහතා පදවන ලද වාහනය අනතුරට ලක්ව එහි ගමන් කරමින් සිටි ඇමති ආරක්‍ෂක පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගිය පසු වාහනය පදවන ලද්දේ එම කොස්තාපල්වරයා බවට ව්‍යාජ ලෙස බී.වාර්තා සකස්කර ඇත්තේ පොලිසියට එල්ලවුණු දේශපාලන බලපෑම් මත බවත් එවකට සිටි පොලිස්පති මහින්ද බාලසූරිය මහතා ඇතුළු පොලිස් නිළධාරීන් ඊට වගකිව යුතු බවටත් පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

මෙම අනතුර 2011 වසරේ මාර්තු 30 වෙනිදා සවස 4.30 ට සිදුව ඇත.

ශ්‍රී රංගා මහතා පදවන ලද එම ජිප් රථය ලියාපදිංචි නොකල ලෑන්ඞ් කෲෂර් වර්යේ රථයක් බවද පොලිසිය සදහන් කරයි.

මැදවච්චිය මන්නාරම පාරේ මන්නාරම දෙසට ධාවනය වූ එම රථය අනතුරට ලක්ව ඇත්තේ මාර්ගයෙන් ඉවතට පැන සෙට්ටිකුලම රෝහල් තාප්පයේ ගැටීය.

එම අනතුරින් ශ්‍රී රංගා මහතාගේ ආරක්‍ෂාවට සිටි ඇමති ආරක්‍ෂක අංශ සාමාජිකයා මිය ගිය පසු එවකට හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා ශ්‍රී රංගා මහතාව බේරා ගැනීමට පොලිසියට බලපෑම්කර අති බව ද විමර්ශන වලින් හෙළිවී තිබේ.

ශ්‍රී රංගා මහතා වාහනය පදවන ලද බවට සාක්‍ෂි රැසක් මේ වන විට පොලිසියට ලැබී ඇත.

ශ්‍රී රංගා මහතාගෙන් කළ ප්‍රශ්ණ කිරීමේදී ඔහු සදහන්කර ඇත්තේ තමන් වාහනය නොපැදවූ බවය. සියළු සාක්‍ෂි නීති පති උපදෙස් සදහා යොමුකර ඇති බවත් නීතිපති උපදෙස් ලද වහාම ඉදිරි කටයුතු සිදුකරන බවත් උසස් පොලිස් නිළධාරියෙක් සදහන් කළේය.

Related posts

මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස් ක්‍රි.ව 1499-1719 කාලයට අයත් බව හෙළිවෙයි

colombotoday

කෝටි ගණන් සහල් වංචා කළ අනුරාධපුර සතොස ගබඩා පාලිකාව රිමාන්ඩ්

Admin

නාමල් රාජපක්ෂ ඇතුළු හයදෙනෙක් රිමාන්ඩ් !

colombotoday

අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න යෝජනා කිහිපයක්

Admin

සුඛෝපභෝගී බස්රථයක් කුඹුරකට කරනම් ගහයි

colombotoday

ඉන්ධන අර්බුදයෙන් අදත් පෞද්ගලික බස් ධාවනයට බාධා..

colombotoday