Colombo Today Local News

පඩි මදිනම් වෙන රස්සාවක් හොයාගන්නවා ! – අගමැති විගණකාධිපතිට කියයි

adgrrr55තම වැටුප වියදම් පියවා ගැනීම සඳහා ප‍්‍රමාණවත් නොවන බැවින් ඒ ගැන සලකා බලන ලෙසට විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා කථානායකවරයා හරහා සිය පත්වීම සිදු කළ ව්‍යවස්ථාදායක සභාවට කළ දැනුම් දීමට ප‍්‍රතිචාර වශයෙන් ඔහුට නව රැකියාවක් සොයා ගන්නා ලෙස අග‍්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ විගණකාධිපති වැටුප් තලය සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වැටුප් තල සමාන බවත් ඒ පසුබිමේ විගණකාධිපති වැටුප ඉහළ දැමීම හරහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ද වැටුප් ඉහළ දැමීමට සිදු වන බවත් එය වැටුප් විෂමතා රැසක් උද්ගතකරන කාරණයක් බැවින් විගණකාධිපතිගේ ඉල්ලීම ඉටු නොකළ හැකි බවය.

ඒ අවස්ථාවේ දී නිලධාරීන් විගනකාධිපතිගේ ඉල්ලීම ගැන පැහැදිලි කිරීමක් සිදුකර ඇති අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ දෙන වැටුප ඔහුට ප‍්‍රමාණවත් නොමැතිනම් වෙනත් රැකියාවක් සොයා ගන්නා ලෙස දැනුම් දෙන ලෙසය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් විගනකාධිපතිවරයා කෝප් කමිටුවට දුන් වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොසතුටට හේතුවී ඇතැයි පැවසේ.

Related posts

ඒකාබද්ධයට පාර්ලිමේන්තුවේ අසුනක් අහිමිවෙයි.. ශ්‍රීයානි විජේවික්‍රම ජනපතිට එක්වෙයි

colombotoday

මුස්ලිම් විවාහ පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය !

colombotoday

පාසල් වෑන් හිමිකරුවන්ට ලිසිං සහනය මාස 06කින් දීර්ඝ කරයි

colombotoday

බස් රථයක ගමන් ගනිමින් සිටි කතක් අසුනේම මිය ගිහින්

colombotoday

විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සදුදා කැබිනට්ටුවට

colombotoday

මත්පැන් මිල අඩු කරන්න යැයි ඉල්ලා උසාවි යයි

colombotoday