Colombo Today Local News

යුද අපරාධ යන්ත්‍රණයට විදෙස් විනිසුරන් ඕන නෑ – සම්බන්දන් වෙනස් මතයක් කියයි

R.-Sampanthan-640x400යුද සමයේ සිදු වූ බවට චෝදනා එල්ලවන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිදුකිරීමට එකගවී ඇති දේශීය යාන්ත්‍රණයට විදේශීය විනිසුරුවන් සම්බන්ද කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

සිදුවූයේ යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් රජය සිදුකිරීමට යන යාන්ත්‍රණයට කිසිදු අයුරකින් විදේශීය විනිසුරුවන් සම්බන්ධ කර නොගන්නා බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් රිවිර පුවත්පත සමග අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පවාසා ඇත.

ජිනීවා නිර්දේශ ක්‍රියාත්මක කරමින් මෙම දේශීය යාන්ත්‍රණය සිදු කළ යුතු බව තම ස්ථාවරය වන බවත්, විදේශීය විනිසුරුවන් සම්බන්ධකර ගන්නවාද නැද්ද යන්න රටේ සියළු පාර්ශවයන් සමග සාකච්ඡා කර රජය විසින්ම තීරණය කළ යුතු බවත්, විදෙස් විනිසුරන් සම්බන්ද කරගතයුතුම යැයි තමන් බල නොකරන බවත් සම්බන්ධන් මහතා වැඩිදුරටත් පවසා ඇත.

Related posts

එහෙම තහනම් කරන්න බෑනේ. ඒක අන්තවාදීවැයි. බොදු බල සේනාවට මම විරුද්ධයි තදින්ම. නමුත් ඒක තහනම් කරන්න බෑ. – වාසුදේව කියයි.

colombotoday

ළමයින් තලා පෙළන රියැලිටි වැඩසටහන්වලට තිත ?

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්තවෙයි

Admin

රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා දුන් තොරතුරු අසත්‍යයි.. අතර මගදී නිවසකටත් පැනලා..

colombotoday

අම්බලන්තොට වෙඩි තැබීමක්

Admin

රනිල් දිවුරුම් දෙන වෙලාව අනුරට කියලා

Admin