Colombo Today Local News

ඡායා අගමැතිකම එපා.. මහින්ද ඡායා කැබිනට්ටුවෙනුත් ඉල්ලා අස්වෙයි!!

President-Mahinda-Rajapaksaඒකාබද්ධ විපක්ෂය ඊයේ (07) පිහිටුවාගත් ඡායා කැබිනෙට්ටුවක් පිළිබඳ තමා කිසිවක් නොදන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයි වාර්තා වනවා. අදාල ඡායා කැබිනෙට්ටුවේ අග්‍රාමාත්‍ය සහ පත්කොට ඇති අනෙකුත් ඇමති තනතුරු වලින් තමා ඉවත් කරන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

ඒකාබද්ධ විපක්ෂයට රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවා ගන්නට නොව, අමාත්‍යංශ අධීක්ෂණය සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීමට පමණක් බවයි වාර්තා වන්නේ.

ඡායා කැබිනෙට්ටුවේ නගර නිර්මාණ හා ජලසම්පාදන ඇමති ලොහාන් රත්වත්තේ මහතාද තමා නම්කර ඇති ඇමති තනතුරෙන් ඉවත් කරන ලෙසට දැනුම් දී ඇතැයිද වාර්තා වනවා.

Nethfm

Related posts

විමල් වීරවංශට වරෙන්තු නිකුත් කෙරේ

Admin

මහ බැංකුවෙන් අලුත් චක්‍රලේඛයක්

colombotoday

තහනම් ඖෂධ තොගයක් සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට

Admin

දඹුල්ලේදී තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

බදුර්දීන් හරහා අන්තවාදී හා වහබ්වාදී මුස්ලිම් රටවල් ලංකාවට අතපෙවීම් කරනවා – නිතිඥ්ඥ නාගානන්ද කොඩිතුවක්කු

colombotoday

වැලිකඩ කොටි සැකකරුවන් 63ක් නොකා නොබී මැරෙන්න යයි!

colombotoday