Colombo Today Local News

රාජ්‍ය ආදායමෙන් 96%ක්ම ණය ගෙවනවා.. සංවර්ධනයට 4%යි

gayantha karunatilakaදැනට රජයට ලැබෙන අදායමින් 96%ක් ණය ගෙවීමට සිදුව ඇති බවත් 4%න් රට සංවර්ධනය කිරීමට සිදුව ඇති බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. එමෙන්ම වැට් බදු ඉහළ දැමීම 15%කින් සිදු නොවූ බවත්, 4%කින් පමණක් බදු ඉහළ දමා ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ 133ක සහ සේවා 21කට වැට් බදු අදාළ නොවන බවද අමාත්‍යවරා වැඩිදුරටත් කීය.

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල වෙළෙඳපොළ තුළ අසාමාන්‍ය ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් වහා පියවර ගැනීමට ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පිහිට වූ බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙහිදී පැවසීය.

එමෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා කිසිඳු ආකාරයක වැට් බද්දක් අය නොකරන නමුත් වෙළෙඳපොළ තුළ සාමාන්‍ය මිලට වඩා වෙළෙඳුන් එකී භාණ්ඩ අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් පොලිස් අධිකාරී කොට්ඨාස ආවරණය වන පරිදි වැටලීම් හා දැනුම්වත් කිරීම් සඳහා කාර්යය සාධක බළකායක් පිහිටුවීමට තීරණය කළ බවත් හෙතෙම කීය.

Related posts

බැසිල්ගේ නම ගැසට් කෙරේ

colombotoday

මධ්‍යම තැපැල් හුවමාරුවේ දී ලිපි-පාර්සල් අතුරුදන් වෙයි

colombotoday

මරණීය දණ්ඩනය නියම වූ රණවිරුවන් සිව් දෙනෙකුට ජනපති සමාව !

colombotoday

නිදහස් කරන්න අවශ්‍ය කටයුතු රජය කරනවා.. තව ටිකක් ඉවසන්න – සුමන්තිරන් කොටි සැකකරුවන්ට කියයි

colombotoday

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ඌවේදී පරාදයි !

colombotoday