Colombo Today Local News

අසාද් සාලිට, මුස්ලිම් කවුන්සිලයට බොදු බලෙන් අභියෝගයක් !

fgdf233

අල්ලාහ් දෙවියන්ට අපහාස කළා යැයි ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඝාතනය කරන බවට මරණ තර්ජන එල්ල කරන මධ්‍යම පළාත්සභා මන්ත්‍රි, ජනාධිපති උදේශක අසාද් සාලිට සහ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයට තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නැයි අභියෝග කරන බව බොදු බල සේනා සංවිධානය පවසයි.

‘ප්‍රොපට් මොහොමඩ් හරහා අල්ලා දෙවියන්ටත් ලිපියේ පිටපතක් යවන්න’ යැයි ඥාණසාර හිමියන් කළ ප්‍රකාශයෙන් අල්ලාහ් දෙවියන්ට අපහාසයක් සිදුවන්නේ කෙසේදැයි ඔවුන් කරුණු පැහැදිළි කළ යුතු බවත් පවසන බොදු බල සේනා සංවිධානය කුරාණය පිළිබදව හා අල්ලාහ් දෙවියන් පිළිබදව විද්වත් විවාදයකට ඕනෑම මොහොතක තමන් සූදානම් බවත් පවසයි.

මේ අරාබි මුස්ලිම් රටක් නොවන බවත්, ඕනෑම විශයක් පිළිබදව සබුද්ධික විචාරයකට සහ විවේචනයකට මෙරට නිදහස ඇති බවත්, අල්ලාහ් දෙවියන් හෝ කුරාණය කියා විශේෂත්වයක් නොමැති බවත් එම සංවිධානය අවධාරණය කරයි.

මේ අතර ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට බෞද්ධ භික්ෂූන්වහන්සේලා හිරිහැර කරන බවට මුස්ලිම් කවුන්සිලය විසින් ඉකුත් සතියේ OIC ලෝක ඉස්ලාමීය සම්මේලනය වෙත කරන ලද සාවද්‍යපැමිණිල්ල පිළිබදව රටේ ඉහළම තැනක් උරණවී ඇති බවත්, සෞදියට ගතු කෙළාම් කීමෙන් වළකින ලෙස දැඩි ලෙස අවවාද කර ඇති බවත් ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

ජාත්‍යන්තරයෙන් ආධාර ගලනවා.. ආයෝජකයො වැහි වැහැලා.. රටම දැන් වැඩබිමක් – නි ඇමති හර්ෂ

colombotoday

විදේශීය නාවිකයන් පිරිසක් මෙරටට ගෙන එයි

colombotoday

හරින්ට මනූෂට නිදහසට කරුණු කියන්න සජබ දින 7ක් කල් දෙයි

colombotoday

අමරදේවයන්ගේ දේහයට නිදහස් චතුරස්‍රයේදී හරසර

colombotoday

සූර්ය කෝෂ බැටරි දේශීයව නිපදවීම පිළිබදව අවධානය.

colombotoday

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනපති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

colombotoday