Colombo Today Local News

හිටපු ඇමතිකෙනෙක් කියනවා මං අගමැතිට කීකරුයිලු..

mithrepala 23

මීට පෙර සිටි ජනාධිපතිවරු හැසුරුණු ආකාරයට හැසීරීමට තමා සූදානම් නොමැති බව අවධාරණය කරන ජනාධිපතිතුමා තමා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සාමුහිකත්වය අගය කරන සියලූදෙනාගේ හඩට ඇහුම්කන් දෙන ජනාධිපතිවරයෙක් බව පැවසීය.

දැන් සිටින ජනපති, අගමැතිටත් කීකරුයි, යැයි හිටපු අමාත්‍යවරයෙකු කර තිබූ ප‍්‍රකාශය ද සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ තමා කීකරු මේ රටේ පොදු මහජනතාවට පමණක් බවයි.

පැවති ඒකාධිපති පාලනය ජනතාවගෙන් ප‍්‍රතික්ෂේපවීමේ ප‍්‍රතිඵලයක් ලෙස තමා මේ රටේ ජනාධිපති ධූරයට පත්වූ බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා තමා තීන්දු තීරණ ගන්නේ සැමගේ හඩට ඇහුම්කන් දෙමින් රටේ අවශ්‍යතාවය මත බව ද කියා සිටියේය.

එමෙන්ම සමූපකාර සමිති සදහා 2017-2018 වසර දෙක තුළ තීරුබදු රහිත ලොරි රථ ලබාදීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ගෙන එන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

වැට් බදු ක‍්‍රමය සමග ජනතාවගේ දෛනික ජන ජිවිතයේ මතුව ඇති ගැටලූවලට විසදුම් ලබාදෙමින් අවශ්‍ය සහන සැලසීම සදහා මේ වන විටත් අග‍්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය සමග එක්ව සාකච්ඡුා කර පැහැදිළි තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

රජයක් ලෙස කිසිදු අවස්ථාවක මහජනතාව මත බර පැටවීමට සූදානම් නොමැති බවද අවධාරණය කළ ජනාධිපතිතුමා අද ජාතික ආර්ථිකය මුහුණ දී තිබෙන ප‍්‍රධාන ගැටලූවන ණය බර පියවා ගැනීම, විදේශ සංචිත ශක්තිමත් කර ගැනීම මෙන්ම ආනයන, අපනයන වෙළද ශේෂය අවම කර ගැනීම යන ගැටලූ සදහා විධිමත් සැළසුම් ඔස්සේ විසදුම් සොයන බව ද කියා සිටියේය.රට සංවර්ධනය කළ බවට කවුරුන් කෙසේ උදම් ඇනුවත් පසුගිය වසර ගණනාව තුළ අපේ රටේ දේශීය කර්මාන්ත ක්ෂේත‍්‍රයේ මහත් කඩාවැටීමක් සිදුව තිබෙන බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් රටේ ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීම නව රජයේ අපේක්ෂාව බව ද වැඩිදුරටත් පැවසීය.

maithripalas FB

Related posts

ඩො. මි. 123ක පොහොර ව්‍යාපෘතියෙන් කැබිනට් ඇමතිවරයෙකු පගාව ඉල්ලලා

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday

කොවිඩ් ආසාදිත මාධ්‍යවේදියෙකු කැබිනට් මාධ්‍ය හමුවකටත් ගිහින් – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුවත් කිරීමක්

colombotoday

2030 දී සමස්ථ විදුලි ඉල්ලුමෙන් 70% පුනර්ජනනීය බලශක්තියෙන්

colombotoday

ඩයලොග් ආයතනයට ප්‍රහාරයක්… දුරකථන ජාලා බිද වැටෙයි !!

colombotoday

අපේ රටට අවශ්‍ය කල දුටු කල වල ඉහ ගන්නට මාන බලන කුහක මිනිසුන් නොවේ. | විජේදාස රාජපක්ෂට දේශප්‍රේමියෙකුන්ගෙන් පිළිතුරක්

colombotoday