තුර්කියේ ප්‍රධානතම ගුවන්තොටුපොළ ලෙස සැලකෙන ඉස්තාම්බුල් අටාටර්ක් ගුවන්තොටුපොළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයෙන් මේ වන විට 36 ක් මියගොස් 150කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.
ප්‍රහාරය සදහා ත්රස්තවාදීන් දෙදෙනෙකු පැමිණ ඇති අතර බොම්ම පුපුරවා ගැනීමට පෙර AK-47 වර්ගයේ ගිනි අවිවලින් ඔවුන් පොලීසිය සමග වෙඩි හුවමාරුකරගත් බවයි සදහන් වන්නේ.
මෙම ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ක්‍රියාවක් බවට තුර්කි ආරක්ෂක අංශ සැක පලකරයි.