Colombo Today Local News

පොලිස්පතිවරයාට විතරක් නෙවෙයි අල්ලා දෙවියන්ටත් පැමිණිල්ලේ කොපියක් යවන්න – ඥානසාර හිමි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මුස්ලිම් ජාතීන්ට එරෙහිව වෛරීය ප්‍රකාශ සිදුකළායැයි පවසමින් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ‍පොලිස්පතිවරයාට ලිපියක් මගින් පැමිණිලි කර තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති BBC ශ්‍රී ලංකා ප්‍රධානියාගේ පියා වන එන්.එම් අමීන් ගේ අත්සනින් යුතුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට යොමු කළ ලිපියේ දැක්වෙන්නේ ඉකුත් ජූනි 25 වන දින මහියංගණය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඥානසාර හිමියන් විසින් මෙලෙස වෛරීය ප්‍රකාශ සිදුකර ඇති බවයි.

මේ පිලිබදව ColomboToday.com සිදුකල විමසීමකදී අදහස් දැක්වූ ඥානසාර හිමි, පොලිස්පතිවරයා වෙත යැවූ ලිපියෙන් කොපියක් මොහොමඩ් හරහා අල්ලාහ් වෙතත් යවන ලෙස මුස්ලිම් කවුන්සිලයට ප්‍රකාශ කරන බව සදහන් කර සිටියා. මේ රටේ හාමුදුරුවරුන්ට සංහිදියාව උගන්නන්න මුස්ලිම් මිනිස්සුන්ට අයිතියක් නොමැති බව සදහන් කල උන් වහන්සේ මේ රටේ මුතුන් මුත්තන්ගේ ලෙයින් ගොඩනැගුනු රට මංකොල්ල කෑමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව අවධාරණය කර සිටියා.

Related posts

“රණවිරු මාපිය රැකවරණ” දීමනා මුදලින් රුපියල් මිලියන 08 ක් අතුරුදහන්

colombotoday

ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

ජනාධිපතිවරණයට පෙර කරුණා අම්මාන් ඝාතනය කිරීමට කිලිනොච්චියේ සිට අවි ආයුධ ප්‍රවාහනය කරලා

colombotoday

අලිපොත දින 10ක් තුළ අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Admin

කොවිඩ් මරණ භූමදානයට ඉඩ දුන් අගමැති මහින්දට රිෂාඩ්ගෙන් තුති

colombotoday

හෙට දිනය තුල වාණිජ බැංකු අවම වශයෙන් පැය 2 ක් විවෘත කර තබන්න. මහ බැංකුවෙන් උපදෙස්

colombotoday