Colombo Today Local News

මීළග ඡන්දයට පෙර මහින්දගේ අළුත් පක්ෂය ස්ථීරයි

mahinda rajapaksha

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවත්වෙන දිනය නම් කිරීමෙන් පසු ඒ සඳහා තරග වදින ඒකාබද්ධ විපක්‌ෂයේ නව සන්ධානය ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇත. මෙම නව සන්ධානයට දේශපාලන පක්‌ෂ රැසක්‌ එක්‌වෙන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊට නායකත්වය දෙන බව ඒකාබද්ධ විපක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවැසීය.

මේ දිනවල ජපානයේ සංචාරයක නිරතව සිටින මහින්ද රාජපක්‌ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් නව දේශපාලන සන්ධානය පිහිටුවීම පිළිබඳව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ නියත වශයෙන්ම තම සන්ධානය ගොඩනඟන බවයි.

මහින්ද රාජපක්‌ෂ මහතාගේ නායකත්වය යටතේ ගොඩනඟන නව සන්ධානයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට අපේක්‌ෂකයන් තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවත් ඒ අනුව සිය සන්ධානයට එම මැතිවරණය නියත වශයෙන්ම ජයග්‍රහණය කළ හැකි බවත් එම මන්ත්‍රීවරු එහිදී ප්‍රකාශ කර ඇත.

නව සන්ධානය සමඟ එක්‌වීමට දේශපාලන පක්‌ෂ මෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා නවකයන් රැසක්‌ මේ වන විට කැමැත්ත පළ කර තිබෙන බවද “දිවයින ඉරිදා සංග්‍රහය” කළ විමසුමකදී ඉහත මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.

මනෝඡ් අබයදීර
දිවයින

Related posts

පාස්කු වාර්තාවෙ බොදු බල සේනා තහනම සමස්ත බෞද්ධයාට සිදුකල බලපෑමක්

colombotoday

කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් අත්හිටුවයි

Admin

සෙට්ටිකුලමේ දී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ලාංකික ශ්‍රමිකයින්ට ජෝර්දානය්දී කදුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

17 පෙම්වතාගේ කලින් පෙම්වතිය එක්ක පෝට් සිටි සංගීතයට ආ කෝටිපති ව්‍යාපාරිකයාට පහර දී මරා දාලා…

Admin

ලංකාවටත් වනජීවී උමං මාර්ගයක්

Admin