ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 1998 දී අත්සන් කරනු ලැබූ ගිවිසුමෙන් ලංකාවට සිදු වූයේ 90%ක පාඩුවක් වන අතර ඉන්දියාව එම ගිවිසුමෙන් අධික වාසි ලබාගත් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාදෙණිය පවසයි. එමගින් ලංකාවේ කිසිදු ව්‍යාපාරයකට සෙතක් සැලසී නොමැති අතර එමගින් සිදුව ඇති අවාසිය පිළිබඳ කිසිදු පසුවිපරමක් නොකර නව එට්කා ගිවිසුම අත්සන් කිරීමට යාම අමනෝඥ ක්‍රියාවක් බව ද පාමෙනිය මහතා පෙන්වා දෙයි.
අඩුම වශයෙන් එම ගිවිසුම අස්සන් කළ අයද ඒ ගැන කතා නොකිරීම හාත්ස්‍යයට කරැණක් බවද පාදෙනිය මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. එට්කා ගිවිසුමට එරෙහිව අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීම සදහා පසුගිය සදුදා ආරම්භ කළ වැඩපිළිවෙල පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව අණාවරණය කර සිටියේය.