Colombo Today Local News

බෙංගමුවේ හිමි ඇතුළු ජාතික සංවිධාන එකමුතුව ඒකාබද්ධ විපක්ෂයට දෙහි කපති !

bengamuwe nalaka himi

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රටේ සැබෑ ප්‍රශ්න අමතක කරමින් ආණ්ඩුව සමග සුහදව සිටින බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

ඔවුන් එලෙස චෝදනා කළේ අද (14) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

මෙම මාධ්‍ය හමුවට ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම්, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ කල්‍යානන්ද තිරාණගම යන අයද සහභාගීවී සිටියහ.

වැට් බදු වැඩිවීම, මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීම, මුදල් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගය ආදි කාරණාවල ඒකාබද්ධ විපක්ෂය එල්ලී සිටින බවත් එහෙත් රට බෙදා වෙන්කිරීම සඳහා බටහිර රටවල් සහ ජාත්‍යන්තර දෙමළ සංවිධාන ගෙනයන වැඩපිළිවෙළට ආණ්ඩුව සහාය ලබාදීමට එරෙහිව ඔවුන් කටයුතු නොකරන බවත් ගුණදාස අමරසේකර මහතා මෙහිදී සඳහන් කළේය.

පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කිරීමට අදාළ යෝජනාවට පක්ෂ වීමට ඒකාබද්ධ විපක්ෂය ගත් තීරණයට වැරදි එකක් බවද ඔහු එහිදි පෙන්වා දුන්නේය.

අහිංසක මිනිසුන් ගැන හිතා ඒකාබද්ධ විපක්ෂය පාරට බැසිය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ සම සංවිධායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පැවසූහ.

ඒකාබද්ධ විපක්ෂයට වඩා ඉදිරියෙන් ජනතාව සිටින බවත්, ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් එය අවබෝධ කරගත යුතු බවත් බෙංගමුවේ නාලක හිමියන් මෙහිදී අවධාරණය කළේය.

ජනතාව ආණ්ඩුව එපා කියද්දී ඒකාබද්ධ විපක්ෂය ඒ ගැන සිතා කටයුතු කළ යුතු නමුත් ඔවුන් ජනතාව ‍ගැන නොසිතා කටයුතු කරන බවත් මේ නිසා ඒකාබද්ධ විපක්ෂය නිදිදැයි අසන අසන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

Related posts

කොන්දේසි කිහිපයකට යටත්ව හෙට සිට ගෑස් වෙළඳපොලට

colombotoday

කලුතර නගරාධිපති අමීර් නසීම් අත්අඩංගුවට

colombotoday

එජාපයෙන් ඉවත් කළ පළාත් පාලන සභිකයින් වෙනුවට නව සභිකයින් කිහිපදෙනෙක් අද දිවුරුම් දෙයි

colombotoday

ගතවූ මාස 6තුළ කෝටි 2100ක විදේශ ආයෝජන ආපහු අරන් ගිහින්

colombotoday

වෙසක් සතිය නොසැළකේ… පෙරටුගාමී මැයි රැළිය මැයි 1 වනදා කොළඹදී

colombotoday

ගැබ්ගෙල පිළිකා නසන එන්නතක්

colombotoday