Colombo Today Local News

තහනම් ග්ලයිෆොසෙට් අලුත් නමකින් එයි.. 15ගුණයක් විෂ අධිකව දැන් වෙළෙඳපොලේ !

slyposet

මීට වසර එක හමාරකට පෙර තහනම් කරන ලද ග්ලයිෆොසෙට් නමැති වල් නාශකය මෙන් විෂ අධික නව කෘෂි රසායනික ද්‍රව්‍යයක් නැවතත් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

මෙම වල් නාශකය ග්ලයිෆොසෙට් නමැති වල් නාශකයට වඩා 15 ගුණයකින් විෂ අධික බව රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය චන්න ජයසූමන මහතා පවසයි.

එමෙන්ම මෙම ග්ලුෆොසිනේට් නමැති නාමයෙන් ‍වෙළෙඳපොළේ පවතින එම වල් නාශකය පුරුෂ ප්‍රජනන පද්ධතියට විශාල වශයෙන් හානි කරන බව පරීක්ෂණ වාර්තා වලින් හෙළි වී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම ග්ලුෆොසිනේට් කෘෂි රසායනිකය කඩිනමින් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස වෛද්‍ය චන්න ජයසුමන මහතා ජනාධිපතිවරයාගෙන් හා අදාළ බලධාරීන්ගෙන්ද ඉල්ලීමක් කරයි.

 

Related posts

දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්..

Admin

“ඇසට ඇසක්.. දතට දතක්” එජාපය වාඩුව ගනී ! දෝෂාභියෝගයක් ගෙනත් ජනපති එළවන්න සූදානම් !

colombotoday

නිවසේදී මියගිහින් රෝහලට රැගෙන ආ මළ සිරුරක් අතුරුදන්

colombotoday

හමුදා භාරයේ ඇති උතුරේ ඉඩම් හැකි ඉක්මනින් දෙමළ ජනතාවට ලබා දෙනවා – විදේශ ඇමති

colombotoday

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවන් පොලිසිය මහජන සහය පතයි

Admin

සුඛෝපභෝගී බස්රථයක් කුඹුරකට කරනම් ගහයි

colombotoday