මහනුවර ඇසළ පෙරහැර නැවතීමේ අවාසනාවන්ත තත්ත්වයක් උදා වී තිබේ. ඒ පෙරහැර සදහා ප්‍රමාණවත් තරම් අලිඇතුන් නොවීම හේතුවෙනි.
අලිඇතුන් නොමැති වුවහොත් මහනුවර ඇසළ පෙරහැරේ අභ්‍යන්තර පෙරහැර පමණක් පැවැත්වීමටද සිදුවනු ඇතැයිද බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති නුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර මහතා පවසයි.
මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධානවල මුදල්වලින් යැපෙන ඇතැම් රාජ්‍ය නිලධාරීන් අලි ප්‍රශ්නයක් බොරුවට ඇති කර ඇති බවයි.