Colombo Today Local News

“කොස්ගම වරදකරුවන් වන හමුදා නිලධාරීන්ට දඩුවම් දෙනවා.. රණවිරුවන් කියා සැලකිලි නෑ” – ආරක්‍ෂක ලේකම්

karunasena hettiaracchi
කොස්‌ගම අවි ගබඩාව පිපිරීම සම්බන්ධව යුද අධිකරණයක්‌ පිහිටුවා වරදකරුවන් වන හමුදා නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා පැවැසීය.

ඔහු මේබව පැවසූයේ ඊයේ 7 ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය. සාමාන්‍ය ජනතාවටත්, රණවිරුවන්ටත් රටේ නීතිය එක හා සමාන බවත් එහිදී රණවිරුවන් කියා විශේෂයක්‌ නැති බවත් හෙතෙම පැවැසීය.

කොස්‌ගම සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදා මූලික පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ පත් කළ බවත් එහි නිර්දේශ මත ඉදිරියේදී යුද අධිකරණයක්‌ පිහිටුවා ඉදිරි කටයුතු සිදු කරන බවත් ඔහු පැවැසීය. සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා රස පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණ කරගෙන යන අතර, එහිදී සොයා ගන්නා තොරතුරුවලට අනුව පිපිරුමට හේතුව අනාවරණය කරගත් පසු එය රටට හෙළිදරව් කරන බවද ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කර සිටියේ රජය විසින් රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් ආරක්ෂ අංශ දැඩි ආතතියකින් පසුවන බවත්, හමුදාවේ චිත්ත ධෛර්යය හා ජීවගුණය පහළට ඇද දමා ඇති පසුබිමක, නොසැලකිල්ල යන පදනම යටතේ හමුදා නිලධාරීන්ට දඩුවම් කිරීමට තමන් ඉඩ නොදෙන බවයි.

Related posts

ඩෝසර් කර විනාශ කළ සාම්පූර් දැගැබ නැවත ගොඩනගනවා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්

colombotoday

සහරාන්ට ත්‍රස්තයන් එවූ මහාචාර්ය ලුක්මාන් තාල්බ් ගැන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ඒකාබද්ධ විමර්ශනයක්

colombotoday

කුකුළු මසුත් ආනයනයට සැරෙසෙයි

Admin

ඉන්ධන ගන්න ඇවිත් වැවේ ගිලී අයෙක් මියයයි

colombotoday

ප්‍රවාහන වෛද්‍ය ආයතනය මුත්‍රා පරීක්‍ෂණ කට්ටල හිඟයක

colombotoday

සුනිල් පෙරේරාගේ අවසන් කටයුතු සඳහා සහභාගී විය හැක්කේ පවුලේ 5 දෙනෙකුට පමණයි.

colombotoday