තම රජය සමයේ සාලාව කඳවුර එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට (වෙනත් තැනක ඉදිකිරීම සදහා) කටයුතු සූදානම් කරමින් පැවති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
අවිස්සාවේල්ල – කොස්ගම – සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමත් සමඟ ඇතිවූ තත්ත්වය පිළිබඳව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළකරමින් මේ බව පවසා සිටියේය.
එසේම ජාතික ආරක්ෂාවට සම්බන්ධ දෙයක් නිසා එකවර මේ පිලිබදව මතයක් ඉදිරිපත් කිරීමක් නොකරන බවද මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.