මෙරට උතුරු පළාතේ ජීවත් වන දෙමළ ජනතාවට සාධාරණය ඉටුකිරීම සදහා තම රජය අඛණ්ඩව කැපවන බව තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජෙයරාම් උතුරු පළාත් මහ ඇමති සී.වී. විගේනේෂ්වරන්ට ලිපියක් ලියමින් දැනුම් දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඇය යළි තේරී පත්වීම පිළිබඳ සුබ පැතුම් එක් කරමින් උතුරු පළාත් මහ ඇමැතිවරයා යැවූ ලිපියට ප්‍රතිචාර ලෙස ඇය මේ බව ප්‍රකාශ කර ඇත.
තමන් තමිල්නාඩු මහ ඇමැතිනිය හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින බව විග්නේෂ්වරන් කියා ඇත.දෙදෙනාටම පහසු වේලාවක් මේ සඳහා යොදාගන්නා බව ජයලලිතා පවසා ඇත.