Colombo Today Local News

“මුස්ලිම් නොවන ගුරුවරු එපා කියා කුණු බිත්තර ගැසීම: ජාතිවාදී ප්‍රශ්නයක් නෙවෙයි” – අධ්‍යාපන ඇමති

akila

මඩවල මදීනා ජාතික පාසලේ ඇතිවූ සිද්ධිය ජාතිවාදී සිද්ධියක් බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍යයක් බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතකට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ විදුහලේ වෙනත් අර්බුධයක් ඇති බවත් ඒ සම්බන්ධව වැඩි විස්තර තමන් නොදන්නා බැවින් වැඩිදුර තොරතුරු අතිරේක ලේකම්වරයාගෙන් දැනගත හැකි බවයි.

ඉකුත් සතියේ දිනක මඩවල මදීනා ජාතික පාසලේ ගුරු දෙගුරු රැස්වීමේදී ඇතිවූ උණුසුම්කාරී තත්වයක් අතරතුර ගුරුවරුන් වෙත කුණු බිත්තර ප්‍රහාරයක් එල්ලවී තිබෙන අතර ඒ සම්බන්ධව වීඩියෝ පටයක්ද මේවන විට අන්තර්ජාලයේ ප්‍රචාරය වෙමින් පවතිනවා. පාසලේ අභිවුර්ධි සංගමය නම් සංගමයක් ජාතිවාදී පදනම මත කරන ලද බලපෑමකුයි මෙම සිදුවීමට මූලික හේතුව වී තිබෙන්නේ. අදාළ පාසලේ සේවය කරන මුස්ලිම් නොවන ගුරුවරුන්ට පාසලෙන් ඉවත්ව යන ලෙස තර්ජණය කරමින් නිර්නාමික ලිපිද එවා ඇති අතර එසේ ලිපි ලැබුණු ගුරුවරියක් සභාව අමතද්දී සභාවේ සිටි දෙමව්පියන් ආවේගශීලී ලෙස කලහකාරීව හැසිරෙමින් මෙලෙස කුණු බිත්තරවලින් පහර දී ඇත.

මේ හේතුවෙන් මෙතෙක් කලත් ජාති ආගම් බේදයෙන් තොරව තම දරුවන් සේ සළකමින් ඉගැන්වීම් කටයුතු කළ තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජණයක් ඇතිව තිබෙන හෙයින් තවදුරටත් පාසලේ සේවය කිරීමට සුදුසු වාතාවරණයක් සහ මානසිකත්වයක් නොමැති බවද සිංහල සහ දෙමළ ගුරුවරුන් සදහන් කරයි.

පාසලේ මුස්ලිම් ගුරු අනුපාතය පහළ යෑම සහ, ඉස්ලාම් නොවන ගුරුවරුන් පාසලේ සේවය කිරීම, පාසල් දැරියන් ක්‍රිඩා කටයුතුවල යෙදවීම සහ මුස්ලිම් සංස්කෘතියට හානිවීම යන අධ්‍යාපනය අහලට වද්දා නොගත යුතු මුග්ද ජාතිවාදය පදනම් කරගත් ඉල්ලීම් කිහිපයක් සහිතව පාසල් අභිවෘද්ධි සංගමය විසින් අගමැතිවරයාට සහ අධ්‍යාපන ඇමතිවරයාට යොමුකර තිබෙන ලිපිය මෙසේයි.

madawala letter 0113315287_10153962500409724_6936239183634404639_n
පාසල් අභිවෘද්ධී සංගමයේ උක්ත ලිපියේ හරයම ජාතිවාදී එකක් බවට අධ්‍යාපන ඇමතිවරයාට නොවැටහුණුද ඕනැම ළදරුවෙකුට තේරුම් ගැනීමට හැකිවනු ඇත. පැහැදිළි ලෙසම උන්මත්තක ආගමික ගෝත්‍රිකවාදය පාසල ආක්‍රමණය කරද්දී, ඊට එරෙහිව ක්‍රියාත්මක වනවා වෙනුවට එය එසේ නොවේයැයි පවසමින් එක් අකතින් අන්තවාදය සාධාරණීකරණය කරන අතරේ අදාළ සිදුවීම ගැන තොරතුරු තමන් නොදන්නේ යැයි පවසමින් බොලද, වගකීම් විරහිත හැසිරීමක් පෙන්නුම් කිරීම රටේ දරුපරපුරේ අනාගතයට සෘජුවම වගකියන අධ්‍යාපන ඇමතිවරයාට තරම්වේදැයි ප්‍රශ්නාර්ථයක් පැන නගී.

නිශාන්ත අබේසිංහ

 

Related posts

ජාතියක් බෙලහීන කරන, පාසල් දරුවන් බිලිගන්න “ටැබා” බදුල්ලෙනුත් මතු වෙයි !

colombotoday

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට පනවා තිබූ සීමා ඉවතට

colombotoday

උප්පැන්න,විවාහා සහ මරණ සහතික පිටපත් සීමාවකින් තොරව වලංගුයි.

colombotoday

ගෝටාභය ජනාධිපති වීම ස්ථීරයි එය වලක්වන්න බෑ… TNA සුමන්තිරන්

colombotoday

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය, ඉස්ලාම් ආගමික පොත් සමග මුස්ලිම් ජාතිකයන් 4ක් වනාතවිල්ලුවෙන් අල්ලයි

colombotoday

දුම්වැටියක මිල රු.5කින් ඉහළට

colombotoday