Colombo Today Local News

රණවිරුවන්ගේ ජීවගුණය බිද දැමීමේ වැඩපිළිවෙල් තවත් එක් පියවරක්ද මේ – මහඇමතිගේ සද්දයට මහින්දගේ විරෝධය

mr33නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා විසින් ප්‍රසිද්ධ රැස්වීමකදී නාවික හමුදා නිළධාරියෙකුට බැණ වැදීමේ  සිද්ධිය පසුගිය වසරේ ජනවාරියේ සිට ආරම්භ වූ රණවිරුවන්ගේ ජීවගුණය බිඳ දැමීමේ වැඩපිළිවෙලේ තවත් අදියරක් දැයි සාධාරණ සැකයක් ඇති වී තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කලින් උතුරේ ඇති වූ සිද්ධියත් සුළු  කොට පෙන්වා යට ගැසූ ආකාරයට මෙම සිදුවීම  යට නොගසන මෙන් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පහතින් දැක්වෙන්නේ එම නිවේදනයයි

සාම්පූර් ප‍්‍රදේශයේ පැවැත්වූ ප‍්‍රසිද්ධ රැස්වීමකදී නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා විසින් නාවික හමුදාවේ උසස් නිළධාරියෙකුට ඉතා පහත් ආකාරයට බැණවදින වීඩියෝ පටයක් අද මුළු රටේම අවධානයට ලක්වී ඇත. මේ වීඩියෝ පටය ප‍්‍රසිද්ධ ජනමාධ්‍යවල මෙන්ම සමාජ ජාල ඔස්සේ ද ප‍්‍රචාරය වී ඇත. මේ අසෝබන සිද්ධිය ඇමරිකානු තානාපතිවරයා ඉදිරියේ සිදුවීමෙන් මෙහි බරපතල බව තවත් තීව‍්‍ර වේ. වේදිකාව මත තමන්ට හිමි තැන ගැන ආරවුලක් ඇති කරගන්නා මහ ඇමතිවරයා, එවැනි කාරණා ගැන වගකිව යුතු නැති නාවුක හමුදා නිළධාරියාට ඉතා පහත් ලෙස “යනව යන්න මෙතනින්”,”මුග්ධයා””කට වහගන්නවා”යනාදි වශයෙන් ඉංග‍්‍රීසි බසින් නැවත නැවත නැවතත් බැණ වදින ආකාරය වීඩියෝ පටයේ සටහන් වී ඇත.

මීට කලින් අවස්ථාවකදී දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයන් පිරිසක් හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධියක් ගැන ආන්දෝලනයක් ඇති වූ විට, ආණ්ඩුව එය සුළු සිද්ධියක් ලෙස හුවා දක්වා ඒ ගැන කිසිදු පියවරක් නොගෙන සිටියේය. දැන් මේ ඊට සමාන දෙවැනි සිද්ධියයි. උතුරේ සිදු වීමත්, සාම්පූර්වල සිදුවීමත් යන දෙකම ලංකාවේ මොන පළාතකවත් සිදු නොවිය යුතු සිදුවීම් ය. මොන පළාතකවත් දේශපාලනඥයන් පූර්ව අවසරයක් හෝ දැනුම්දීමක් නොමැතිව හමුදා කඳවුරකට ඇතුළු නොවිය යුතුය. මොන පළාතකවත් දේශපාලනඥයන් ආරක්‍ෂක හමුදා නිළධාරියෙකුට නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා ප‍්‍රසිද්ධ වේදිකාවේ දී කථා කළ ආකාරයට කථා නොකළ යුතුය.

මේ රට ත‍්‍රස්තවාදයෙන් බේරාගත් ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට මේ ආකාරයට දේශපාලන බළධාරීන් විසින් සිතා මතා අවමන් කිරීම නතර විය යුතුය. මේ නවතම සිද්ධිය පසුගිය වසරේ ජනවාරියේ සිට ආරම්භ වූ රණවිරුවන්ගේ ජීවගුණය බිඳ දැමීමේ වැඩපිළිවෙළේ තවත් අදියරක් දැයි සාධාරණ සැකයක් අපි තුළ ඇති වී තිබේ. කලින් උතුරේ ඇති වූ සිද්ධියත් සුළු කොට පෙන්වා යට ගැසූ ආකාරයට සාම්පූර් සිද්ධියත් යට නොගසන මෙන් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි.

නැගෙනහිර පළාත් මහ ඇමතිවරයාගේ ක‍්‍රියා කලාපය ගැන විධිමත් ලෙස සොයා බලා මෙවැනි සිද්ධීන් නැවත ලංකාවේ මොන පළාතකවත් ඇති නොවන තැනට වග බලා ගැනීම ආණ්ඩුවේ යුතුකම වේ.

මහින්ද රාජපක්‍ෂ පා.ම
හිටපු ජනාධිපති

Related posts

ඇමතිකම රැකගන්න රවී නාහිමිවරුන්ට පූජා කල සුපිරි බඩු මෙන්න (PHOTO)

colombotoday

විදෙස් ප්‍රේෂණ ඉහළ යයි

Admin

කොළඹ රාජ්‍ය ආයතන 137ක ආරක්ෂාවට සිටින සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් ඉවත් කිරීමට පියවර

colombotoday

ස්විස් තානාපති ‌‌සේවිකාව දෙවන දිනයටත් කටඋත්තර දෙන්න එයි

colombotoday

පාර්ලිමේන්තුව අසළට ආ යුද හමුදා යතුරු පැදි කණ්ඩායමට පාට් දැමූ පොලිස් නිලධාරීන්ට වෙනම පරීක්ෂණයක්

colombotoday

බෝට්ටුවෙන් ආ තවත් අනවසර සංක්‍රමණිකයන් පිරිසක් මෙරටට ඇතුල් වෙයි

colombotoday