ගං වතුරින් අවතැන්වූ ජනතාව වෙනුවෙන් බොදු බල සේනා සංවිධානය ක්‍රියාත්මක කරන දිවිසරණ වැඩසටහනේ තෙවැනි අදියර ඊයේ (25) දින වැලිවිට ප්‍රදේශයේදී ක්‍රියාත්මක වී තිබෙනවා. එහිදී අහාර පිසීමට අවශ්‍ය බාජන, නිවෙස් පිරිසිදු කිරීමට අවශ්‍ය බැක්ටීරියා නාශක දියර වර්ග, පැදුරු/කොට්ට/ඇද ඇතිරිලි ආදී භාණ්ඩ රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ අතින් පරිත්‍යාග කල බවයි එම සංවිධානයේ මාධ්‍ය අංශය සදහන් කර සිටියේ.