Colombo Today Local News

සිංහ කොඩිය එවරස්ට් කඳු මුදුනේ.. ලාංකික කත වාර්තා පොතට එක්වෙයි


ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට සමත් වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙස ජයන්ති කුරුඋතුම්පාල වාර්තා පොත් අතරට එක්ව තිබේ.

ඇය එවරස්ට් කඳු මුදුන අද පෙරවරුවේ තරණය කිරීමට සමත්ව ඇති බව වාර්තා වන අතර ඒ අනූව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලොව උසම කඳු මුදුන තරණය කළ කාන්තාව ලෙස ඇයගේ නම වාර්තා පොත් අතරට එක්වනු ඇත.

මේ අතර ඇය සමග එවරස්ට් කඳු මුදුන තරණය කිරීමේ අභියෝගයට එක්ව සිටි යොහාන් පීරිස් ද එහි අවසන් අදියරට පැමිණ සිටින බව සඳහන්ය.

මෙම දෙදෙනා පසුගිය අපේ‍්‍රල් මාසයේ මුල සිටම හිමාලය කඳු ආශ‍්‍රිතව පුහුණුව ලැබ පසුගිය මාසය පුරාම එවරස්ට් පදනම් කඳවුරේ සිට තවත් කඳවුරු තුනක් දක්වා වූ ඉතාමත් උස කඳු සහ උස් ප‍්‍රදේශ කරා ඉහළට සහ පහළට ගමන් කිරීමේ පුහුණුව ලබාගනිමින් මෙම අභියෝගය ජය ගැනීමට පෙරමුණ ගන්නා ලදී.

එවරස්ට් කන්ද ලොව උසම කඳු මුදුන ලෙස මුහුදු මට්ටමේ සිට උස මීටර් 8,848 (අඩි 29,029)කි. ආසියාවේ හිමාල කඳුකරයේ කොටසක් වන මෙය නේපාලයට අයිති සාගරමාතා ප්‍රදේශයේ සහ චීනයට අයිති ටිබෙටයේ මායිමේ පිහිටා ඇත.

ලොවපුරා තරුණ තරුණියන්, කඳු නඟින කණ්ඩායම් සෑම වසරකම පාහේ එවරස්ට් කන්ද තරණය කිරීමට පැමිණෙන නමුත් ඇතැම් අවස්ථාවල කාලගුණික බලපෑම් හමුවේ ඔවුන්ගේ එම උත්සාහය අතහැර දැමීමට සිදුවූ අවස්ථා එමටය.

එසේම ඇතැමුන් එම අභියෝගද ජය ගනිමින් සිය අරමුණ කරා ළඟා වූ පුවත් පසුගිය කාලය පුරාම අසන්නට දක්නට ලැබිණ.

 

Related posts

ඖෂධ වර්ග හා වෛද්‍ය උපකරණ කිහිපයක උපරිම මිල සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

සුබේරිට සල්ලි ගෙව්ව හැටි කබ්රාල් කියයි

colombotoday

විරෝධතාවලට ළමයින් යොදා ගැනීමෙන් වළකින්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

colombotoday

ලයිට් බිල 30%කින් අඩු කරන්නේ වසර තුනකින්

Admin

දඹුල්ල නැවතත් ගිනියම් වේ.. පොලිස් ආරක්ෂාව තර කරයි !!

colombotoday

යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර 5ක් විනාශයි

colombotoday