ArticlesColombo Today Local News

බ්‍රිතාන්‍ය කිරීටයෙන් සිරිලක මුළුමනින්ම නිදහස ලැබූ.. ජාතියට අමතකව යන ජනරජ දිනය

13275246_10209249457298461_1281660877_o (1)

වසර 44 කට පෙර 1972 මැයි 22 වනදා අපේ මවු පොළොව මුළුමනින්ම බ්‍රිතාන්‍ය කිරීටය යටතින් ගලවා ගත දිනයයි . සිලෝන් …. සැබවින්ම ශ්‍රී ලංකා ව බවට, පත් වූ පූර්ණ නිදහස සාක්‍ෂාත් කරගත් දිනයයි . සෝල්බරි ව්‍යවස්ථාව එහෙම්පිටින්ම ඉවත් කළ දිනයයි .ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙසත් එහි බුදුදහමට ප්‍රමුඛස්තානයත් , පැහැදිළිවම පිළිගත් ජනරජ ව්‍යවස්ථා සම්මත වූ දිනයයි . හමුදා හා අධිකරණ බල විෂයයෙහි අපේ මවු පොළොවේ නිවැරදි අයිතිය ව්‍යවස්ථානුකූලවම පිළිගෙන ස්ථාපිත වූ දිනයයි . එනයින්ම ජනරජ ලාංජනයත් , ඊට ධර්ම චක්‍රයත් – ඉරත් – හඳත් – පුන්කලසත් – පළාපෙති මධ්‍යයේ අසිපත අරා සිටින සිංහ රුවත් එක්වන්නේ මේ දිනා ගත් සැබෑ නිදහස නිසාය . ඒ පමණක් නොව ජාතික ධජයේ රතු පැහැ කොටසේ සිවු කොණට බෝපත් හතරක් එකතුවන්නේ ද 1972 මැයි 22 වනදා ලද ජාතික ජයග්‍රහණය හේතුවෙනි . ඒ පමණක් නොව queens house ජනාධිපති මන්දිරය වූයේ ද මෙදින පටන්ය .

1948 සෝල්බරි ව්‍යවස්ථාව කරපින්නාගෙන , රාජ්‍යයේ ප්‍රධානත්වය බ්‍රිතාන්‍ය රැජින වෙත තබා තිබියදී අපට ලබා දුන් නිදහස, සක්‍රීය කරගැන්මට එතැන් පටන් එක්සත් ජාතික පක්ෂයට උවමනාවක් නොවිණි . ඔවුන්ගේ අභිප්‍රාය වූයේ අධිරාජ්‍යයවාදය කරපින්නාගෙන යාමය . 1956 පෙරළියෙන් පසු මේ ක්‍රමය වෙනස් කිරීමට එස් . ඩබ්ලිව් .ආර් .ඩී .බණ්ඩාරනායක අගමැතිවරයාටද ඉඩක් නොලැබුණි .

එහෙත් 1970 මහ මැතිවරණයෙන් බිහිවූ සමගි පෙරමුණ ආණ්ඩුවට මේ පිළිබඳව සැබෑ වුවමනාවක් තිබුණි . වෙසෙසින්ම ලංකා සමසමාජ , කොමියුනිස්ට් පක්ෂ , දේශපාලන නායකයින් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සමග මෙම ජයග්‍රාහී ගමන අවසානයක් දක්වාම මෙහෙය වීම සැබෑ සන්ධාන ගතවීමේ ජනතා ජයග්‍රහණකි. ඒ ය අදටත් ආදර්ශයකි . ආචාර්ය කොල්වින් ආර් .ද සිල්වා ස්වකීය දේශපාලන පරිනතභාවයේ ප්‍රතිපලය ජාතිය හමුවේ තැබුවේ මේ ජනරජ ව්‍යවස්ථා සකස්කිරීමේ බාරධුර වගකීමට මූලිකත්වය ලබා දෙමිනි .

1972 මැයි 22 දහවල් 12 .56 ට යෙදුණු නැකත් වේලාවෙන් ශ්‍රී ලංකා ජනරජය ප්‍රකාශයට පත්කළේ බණ්ඩාරනායක අගමැතිනිය විසිනි . සමගි පෙරමුණ ආණ්ඩුව සෝවියට් ක්‍රමයකට නැඹුරුවක් තිබුණ ද බණ්ඩාරනායක අගමැතිණිය නොබැඳි නායකයින්ගේ සමුළුවට නායකත්වය දී 1976 අගෝස්තුවේ ජගත් නොබැඳි මහා සමුළු ව කොළඹ දී පත්වන්නට සමත්වූවාය . එහෙත් ඊට වසරකට පසුව 1977 මහා මැතිවරණයෙන පරාජයට පත්වන ඇයට අභූත චෝදනා එල්ල කරමින් ඇයගේ ප්‍රජා අයිතිය නැතිකිරීමට තරම් එවකට පාලන බලය ලබාගත් එක්සත් ජාතික පක්ෂය සැහැසි විය . එදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ අදත් එම පක්ෂයම නියෝජනය කරමින් ආණ්ඩු බලය පවත්වාගෙන් යන්නේ බණ්ඩාරනායක අගමැතිනියගේම දෙටු දියණිය චන්ද්‍රිකාගේ ද පූර්ණ ආශීර්වාදයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කණ්ඩායමකගේද සහයෙන් වීම අපගේ අවධානයට යොමු විය යුතුය .

– දක්ෂිණ බෝධිනායක විසිනි .

Related posts

ඉකුත් පැය 48ට අධිවේගීයෙන් ලක්ෂ 700ට අධික ආදායමක්

Admin

“රාජිතගේ අවිනීත ප්‍රකාශය රජයේ නිළ මතයද? වහා හෙළිකරනු…“ සරසවි ආචාර්යවරු ජනපතිට දන්වයි

colombotoday

මෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළ යුතුයි – ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය කියයි

Admin

මහියංගනය, මාපාකඩ වැවේ ගිලී වෛද්‍යවරයෙක් මරුට

colombotoday

අභාවප්‍රාප්ත වූ ඒලියන්ත වයිට් ගැන මාලිංග තැබූ සටහන

colombotoday

නාමල් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝගයක් ?

colombotoday