Colombo Today Local News

පෝදා බුදු බණ තහනම් වූ අරලියගහ මැදුරෙන් රවි ශංකර්ගේ පූජා හඩ ඇසෙයි

 

ඉන්දියාවේ සුප්‍රකට ආධ්‍යත්මික නායකයෙකු වන රවි ශංකර් තුමා විසින් පැවැත්වූ විශේෂ පූජාවක් අරලියගහ මැදුරේදී පැවැතිවිණි.

එයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, එම එහත්මිය, මැති ඇමතිවරු ඇතුළු පිරිසක් සහභාගී විය.

පසුගිය රජය සමයේදී සැම පොහොය දිනකදීම අරලියගහ මැදුරේදී පැවති පෝදා වැඩසටහන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නවතා දමා ඇති බැවින් දැන් නොපැවැත්වෙයි. අනෙකුත් ආගමික උත්සවවලට සමගාමීව අරලියගහ මැදුරේදී විශේෂ වැඩසටහන් සංවිධානය කළද මෙවර වෙසක් පොහොය වෙනුවෙන්ද කිසිදු වැඩසටහනක් එහි සංවිධානය කර නොමැත.

මේ අතර දිවයිනේ සංචාරයක නිරතව සිටින රවිශංකර් පූජකතුමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අතර නුවරඑළිය, සීතාඑළියේ පිහිටි අම්මාන් කෝවිලේ විශේෂ ආගමික පූජාවකටද සහභාගී විය.

Related posts

ගෑස් සිලින්ඩරයක මිල රු. 200 – 300 කින් පහතට

colombotoday

දකුණේ ඝාතන රැල්ල මඩලන්න විශේෂ කණ්ඩායම් කිහිපයක් – අජිත් රෝහණ

colombotoday

“විධායකය අහෝසි කිරීමේ අරගලයක් අරඹනවා.. TNA සමගත් සාකච්ඡා කළා“ – ජවිපෙ

colombotoday

“ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැහැ” – ආරක්ෂක රාජ්‍ය ඇමති තුර්කියේදී කියයි

Admin

මන්ත්‍රී ප්‍රේමලාල් ඇප මත නිදහස්

colombotoday

සිමෙන්ති මිල රු. 500 කින් ඉහළට

colombotoday