තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ජයග්‍රහණය කර තිබේ.
ඉන්දියාවේ මැතිවරණ බලප්‍රදේශ 234 කින් මැතිවරණ බල ප්‍රදේශ 232 ක් සඳහා මෙම මැතිවරණය පැවැත්වුණි.
ඉන් මැතිවරණ බලප්‍රදේශ 130කට ආසන්න සංඛාවක් ජයග්‍රහණය කරමින් ඇය ජයග්‍රහණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඇයගේ ජයග්‍රහණයට ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකථනය ඔස්සේ සුභ පැතුම් එක් කර ඇති බවද වාර්තා වෙයි.