World

මියගිය මවගේ මළ සිරුර වසර 13ක් ළඟ තබාගත් පුතු අත්අඩංගුවට

මියගිය සිය මවගේ මළ සිරුර මමියක් ලෙස වසර 13ක කාලයක් නිවසේ තබාගෙන සිටි පුද්ගලයෙකු පෝලන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ ඥාතියෙකු විසින් එම නිවසට පැමිණි අවස්ථාවක දී එම මළ සිරුර දැක මේ සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරුව පෝලන්ත ආරක්ෂක අංශ විසින් එම මළ සිරුර සොයාගෙන ඇති අතර පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව 2010 වසරේ දී මියගිය ඔහුගේ මව භූමදානය කළ ස්ථානයේ සිදු කළ සෝදිසීයක දී මළ සිරුර එම ස්ථානයේ නොමැති බවට නිරීක්ෂණය වී ඇත.

අදාළ පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන අයෙකු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි

colombotoday

දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා අසධිතයින් සංඛ්‍යාව වාර්තා කරමින් ඉන්දියාවෙන් ලෝක වාර්තාවක්

colombotoday

කොරියානු දේශ සීමාවේ පිහිටි ඒකාබද්ධ සම්බන්ධතා කාර්යාලය උතුරු කොරියාව විසින් පුපුරුවා හැරේ

colombotoday

ජපානය නැවතත් සෙළවෙයි. රිච්‍ටර් මාපක7ක භූමිකම්පාවක්, සුනාමියක්! – Video

colombotoday

ඇෆ්ගනිස්තානයේ අධික ශීත කාලගුණයෙන් පුද්ගලයින් 124ක්, සත්වයින් 70,000ක් මරුට.

Admin

කොවිඩ් වැළදී ප්‍රතිකාර ලබමින් සිටි දැරියක් රෝහල තුළදී දූෂණය කරලා

colombotoday