Colombo Today Local News

VAT වැඩිවුයේ මහබැංකු බැදුම්කර වංචාවේ බිලියන 145 ක පාඩුව පියවන්නයි

vat_cbank

මේ යහපාලන රජයට සියයට 15 කින් වැට්‌ බදු වැඩි කිරීමට සිදුවූයේ ගිය වසරේ (2015) මහ බැංකුවේ සිදුවූ මහා බැඳුම්කර වංචාවේ පාඩුව පියවා ගැනීමට සහ රජයේ දුර්වල ආර්ථික කළමනාකරණය නිසා යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය.

බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මේ බව කීවේ ඊයේ (17 දා) උදේ පුංචිබොරැල්ලේ වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

වැට්‌ බදු නැංවීමෙන් රජය රු. කෝටි 10,000 ක (රු. බිලියන 100 ක) ආදායමක්‌ උපයා ගැනීමට ඉලක්‌ක කර තිබුණත්, ගිය වසරේ සිදුවූ මහා බැඳුම්කර වංචාව නිසා රු. කෝටි 14,500 ක (රු. බිලියන 145 ක) පාඩුවක්‌ රජයට සිදුව ඇති බවත් මේ නිසා වැට්‌ වැඩි කිරීමෙන් උපයා ගන්නා ආදායම බැඳුම්කර වංචාවේ පාඩුව පියවා ගැනීමටවත් ප්‍රමාණවත් නොවන බවත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේය.

පසුගිය මාර්තු 29 වැනිදා තවත් භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවක්‌ සිදුකරමින් රජය සියයට 14.23 ක ඉහළ පොලියකට ණය ලබා ගත්තා. මහින්ද රාජපක්‍ෂ සමයේ සියයට 6 ට තිබුණු පොලිය තමයි මේ තරම් ඉහළ ගිහින් තිබෙන්නේ. මේ ඉහළ ගිය පොලී පිරිවැයේ බර මුළුමනින්ම දරන්නේ මහජනතාවයි.

ඒ නිසා පසුගිය පාර්ලිමේන්තුවේ කෝප් සභාවේ බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාව, වත්මන් පාර්ලිමේන්තුවට නැවත ඉදිරිපත් කර එම පරීක්‍ෂණ පැවැත්වූ තැන සිට ඉදිරියට කරගෙන යන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා තවදුරටත් කීවේය.

මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට හිටපු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතාද සහභාගි විය.

Related posts

මාර්ග නීති කැඩුවොත් වදින අලුත් දඩ මෙන්න

colombotoday

නිශාන්ත රණතුංගට ඡන්දය නොදුන් වරාය මාධ්‍ය ලොක්කාගේ කාර්යාලයට අර්ජුණ සීල් තබයි

colombotoday

ජාත්‍යන්තර කොටි ජාලය ජීනීවාහී රැස්වෙයි… ගෝඨාභයට එරෙහි මෙහෙයුම සැප්. 7 ඇරඹෙයි…

colombotoday

ජනපතිගේ දිනක වියදම කෝටිය පනී.. අධ්‍යාපනයට බාගෙට බාගයක් කප්පාදුයි !

colombotoday

නීත්‍යානූකූලව විශ්වාසභංගයක් ඉදිරිපත් කලහොත් මෙය අත්හැර යනවා.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි.

colombotoday

ගෙලිඔය ඉන්ධනහලට ආ ඩීසල් බවුසරයේ වතුර… බවුසරය හරවා යවයි

colombotoday