Colombo Today Local News

විජයග්‍රහණයේ 7 වන වර්ෂ පූර්ණය අදයි

war_wic

ත්‍රස්තවාදය නිමාකොට රණවිරුවන් දිනාගත් විජයග්‍රහණයේ 7 වන වර්ෂ පූර්ණය අදට යෙදි තිබෙනවා.

30 වසරක් පුරා බිහිසුණු එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව අසීරු ක්‍රියාන්විතයක නිරතවීමට සිදුවුණා.

එම ගමනේදී මව්බිමේ නූතන විරු පරපුර දේශය ත්‍රස්තවාදයෙන් මුදා දෙවන නිදහස උදාකර දුන්නේ 2009 වසරේ මැයි 18 වනදායි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීමෙන් සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ , හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ උපදේශකත්වයෙන් පෙරට ගිය විරෝධාර ත්‍රිවිධ හමුදා ප්‍රමුඛ ආරක්ෂක අංශ රණවිරුවෝ මෙම සුවිශේෂී විජයග්‍රහණය මව්බිමට අත්කර දුන්නා.

දේශයේ උපනූපන් පරපුරට නිවහල් රටක උරුමය ලබාදුන් එම විරු පරපුරට කෘතවේදීත්වය සමඟින් රණවිරු සැමරුම් දිනයේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ පාර්ලිමේන්තුව අභියස පිහිටි රණවිරු සැමරුම් ස්මාරකය ඉදිරිපිටයි.

Related posts

චීනයට පළතුරු යවන ගිවිසුමට වසරයි… කෙහෙල් ගෙඩියක්වත් යවා නෑ…

colombotoday

මාලිමා ලයිස්තුවල පවුල් පාලනේ පිරිලා

Admin

තලාවෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරු

colombotoday

අස්ගිරි මහානාහිමි ප්‍රමුඛ මහ සගරුවන උතුරේ සංචාරයක (Video)

colombotoday

එජාපයෙන් නෙරපු සාමාජිකයින් 105 දෙනා මෙන්න

colombotoday

සෙනසුරාදා සිට විදුලි සැපයුමේ වෙනසක්

colombotoday