වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ ජල ගැලීම්වලින් පීඩාවට පත් ජනතාවට සහනයක් වශයෙන් අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩවත අතර වාහන ධාවනයට නොමිලේ අවසර ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කොට්ටාව, අතුරුගිරිය, කොතලාවල, කඩුවෙල සහ කඩවත යන පිවිසුම්වලින් ඇතුළු වී පිටවන සියලුම වර්ගයේ වාහනවලින් මුදල් අය නොකරන බවයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ.