Colombo Today Local News

මහ බැංකු අධිපති ධුර කාලය ජූනියෙන් නිමයි.. යන්න පෙර, රු. කෝටි 45,000ක බැඳුම්කර විකුණන්න යයි

ඇමරිකානු ඩොලර් මිලියන 3,000ක විදේශීය බැඳුම්කර නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. මේ සඳහා වූ කැබිනට් පත‍්‍රිකාව දැනටමත් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.

විදේශීය වෙළඳපලෙන් ඩොලර් බිලියන 03ක් ලබා ගැනීමට රජය මින් අදහස් කරයි. ඩොලර් බිලියන තුනක් යනු රුපියල් බිලියන 450කට නොඑසේනම් රුපියල් කෝටි 45,000කට ආසන්න වෙයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ මහ බැංකු අධිපති ධුර කාලය ලබන ජුනි මාසයෙන් අවසන් වීමට නියමිතව තිබෙන අතර ඒ අනුව ජුනි මස අගදී මහ බැංකු අධිපති ධුරයට අලුත් අයෙකු පත්කිරීමට හෝ වත්මන් මහබැංකු අධිපතිවරයාම පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවස්‌ථාව ලැබේ.

අර්ජුන මහේන්ද්‍රන් මහතා අධිපතිවරයා වීමෙන් පසු ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන බැඳුම්කර වංචාවක්‌ සිදුවූ බවට මහ බැංකුවට චෝදනා එල්ල වූ අතර එම සිද්ධිය රට තුළ ඉමහත් ආන්දෝලනයට ද තුඩු දුන්නේය.

එම පීඩනය හමුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද වරෙක ප්‍රකාශ කළේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඉල්ලා අස්‌වීම වඩාත්ම සුදුසු දෙය බවයි. දැන් දෙවැනි වරටත් පසුගිය මාර්තු 29 දින බැඳුම්කර වංචාවක්‌ සිදුව ඇති බවට මහ බැංකුවට චෝදනා එල්ල වී තිබේ.

මේ අනුව ජනාධිපතිවරයා පිළිගන්නා සහ මහජනතාවට පොරොන්දු වූ යහපාලන ප්‍රතිපත්ති අනුව ඉදිරි ධුර කාලය සඳහා නව මහ බැංකු අධිපතිවරයෙක්‌ පත් කිරීමේ අවස්‌ථාව ජනාධිපතිවරයාට දැන් උදා වී තිබෙන අතර ඒ පිළිබඳ ආර්ථික හා මූල්‍ය අංශවල අය පමණක්‌ නොව සමස්‌ත රටවැසියාම විමසිල්ලෙන් බලා සිටී.

Related posts

රනිල්ගේ, අකිලගේ කැබිනට් යෝජනා දෙකක් මෛත්‍රී විසි කරයි

colombotoday

දඹුල්ල පංසලේ වැවෙන් නාදුන මල සිරුරක් හමුවේ.

colombotoday

‘මුස්ලිම් පල්ලියට ඌරෝ අරන්‍ යන්නෙ නෑ..’ – ඉරාජ් සමග විමල් (Video)

colombotoday

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු තැපැල් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත දෛනික ආදායමක්

colombotoday

ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහි නඩු: හිටපු ජනාධිපති මෛත්‍රීත් වගඋත්තර කරුවෙක් කරන්න නියෝග

colombotoday

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

colombotoday