Colombo Today Local News

හොරට ගෙනා කරුංකා කන්ටේනර් 100ක් ප්‍රබල ඇමති රේගුවෙන් පන්නයි

නීතිවිරෝධී ලෙස ප්‍රති අපනයනයට ගෙනනා කරුංකා කන්ටේනර් 100ක් රජයේ ප්‍රධාන අමාත්‍යවරයකුගේ අණකට අනුව එක් කන්ටේනරයකට රුපියල් ලක්ෂය බැගින් දඩයක් නියමකර මුදා හැරීම සම්බනධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාවල්වරයා වෘත්තීය සමිති උදහසට ලක්ව ඇතැයි වේ.

අදාළ, කරුංකා තොගය ඇග්‍රිකොම් ලංකා පුද්ගලික සමාගම විසින් ප්‍රති අපනයට ඉන්දුනීසියාවෙන් ලංකාවට ගෙන්වා තිබේ.

කෙසේවුවද පසුගිය කාලයේදී නීති විරෝධී ලෙස ප්‍රතිඅපනායනයට ගෙනා කරුංකා කන්ටේනර්යකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කළ අතර මේ කන්ටේනර්වලට රුපියල් ලක්ෂයක් පමණක් නියම කිරීම සම්බන්ධයෙන් රේගුවේ කසුකුසුවක් ඇතිව ඇත.

අමාත්‍යවරයාගේ බලපෑම මත වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාවල්වරයාට ලිඛිතව අදාල කරුණු දන්වා ඇතැයි වාර්තා වේ.

Srilankanmirror

Related posts

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයට

Admin

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් දීම නවත්තන්න ජාතික ප්‍රතිපත්තියක්

Admin

දිවියා මැරූ දෙදෙනා රිමාන්ඩ්

colombotoday

ශ්‍රීලනිප නව මහ ලේකම් දයාසිරි ජයසේකර

colombotoday

පහරදීමකින් සිංහල තරුණයෙකු මිය යෑමත් සමග තෙල්දෙණිය නොසන්සුන්.. පොලිස් කැරළි මර්ධනය කැදවයි

colombotoday

බදුයුදීන්ගේ නිවසේ සේවය කළ බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ මන්දගාමී – ජවිපෙ

colombotoday