Colombo Today Local News

බෝට්ටුවකින් ඇවිත් අපිව මරා දැමීමේ තැතක් හෙළිවුණා.. කොන්ත්‍රාත්තුව දුන් කෙනා හොයන්න බෑ

rajitha3

තමා ඇතුළු යහපාලන ආණ්ඩුවේ පිරිසක් ඝාතනය කිරීමේ සැලැස්මක් අනාවරණය වී ඇති බවත්, ජීවිතය පිළිබඳ විශාල තර්ජනයත් තිබෙන බවත් සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

පසුගිය ආණ්ඩුවේ ප්‍රබල නිළධාරියෙකු වූ ගාමිණී සෙනරත් මහතාගේ රියදුරා එම ඝාතන සැලසුම පිළිබඳ සියලුම කරුණු අනාවරණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (11දා) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහදී අදහස්අ දැකවු අමාත්‍ය වරයා,

“මෙයාලා බොහොම වැදගත් සිල්වත් මහත්වරු වගේ තමයි කතා කරන්නේ. රටේ හොරකම් කරා මදිවට ජනතාවත් මුලාකරනවා. මොකද ඔවුන් හිතනවා මේවා හැමදා යටපත් කරගන්න පුළුවන් ඔවුන්ගේ බලයයි මුදලුයි නිසා. තවමත් මේ හම්බ කරපු මුදල් වියදම් කරනවා. ඒ වගේම කියනවා හෙට දිනයේ බලයට එනවා කියලා. මෙහෙම තමයි ඔවුන්ගේ ගමන යන්නට බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඔවුන් වටේ හිටපු අයගේ ප්‍රකාශවලින් මේ සියල්ල හෙළිදරවු වෙලා තියෙන්නේ. ස්වභාවධර්මය විසින්ම මෙම හොරකම් හෙළිදරව් වෙලා තියෙන්නේ.

ගාමිණී සෙනරත්ගේ රියදුරු මහත්මය කියනවා ඔවුන් අපිව ඝාතනය කරන්නට කරපු සැලසුම් ගැන. අවසානයේදී බැරි වුණොත් අපේ මූලික පිරිසක්ව ඝාතනය කරන්න. ඒ ඝාතනය කරන හැටිත් කියලා තියෙනවා. ඒක බොහොම සිම්පල්. මදුරාසියෙන් බෝට්ටුවෙන් එනවා ඇවිත් මෙහෙ අවශ්‍ය ඝාතනය කරනවා. ආපහු බෝට්ටුවෙන් යනවා.

කවදාකවත් මිනීමරුවා කවුද කියලා හොයාගන්න බැහැ. ඒ නිසා මිනීමැරුමට කොන්ත්‍රාත් දුන්නේ කවුද කියලා හොයාගන්නත් බැහැ. මේ සියල්ල අද හෙළිදරව් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනාගේ ජීවිත පිළිබඳ විශාල තර්ජනයක් තිබෙන්නේ. ජනාධිපතිතුමාත් ඉන්නෙ ඒ ස්ථාවරයේ. අපි යහපාලනයට එද්දිත් ඒ ජීවිත තර්ජනය දැනගෙනයි ආවෙ. අපි පැරදුණා නම් අපේ ජීවිත අවසන්. එයලගේ කල්ලිවලින්ම මෙම කරුණු අද අනාවරණය වෙනවා”යැයි පැවසීය.

එසේම පසුගිය සමයේ සිදුවූ දූෂණ වංචා පිළිබඳ අද වනතුරු සතුටුදායක පරීක්ෂණයක් සිදුව නොමැති බැවින් (12දා) සිට මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

(අද)

Related posts

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද..

Admin

දැඩි අවදානම් ප්‍රදේශ ප්‍රමුඛතාවය අනුව කේෂ්ත්‍ර නිලධාරීන්ට එන්නත් ලබා දීමේ සැලැස්මක්

colombotoday

ෆයිසර් එන්නත ගන්න අලුත් අවස්ථාවක්

colombotoday

බුද්ධි තොරතුරක් මත සහාරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

Admin

බන්ධනාගාරයට කලිසම් වාටියක සඟවා මත්කුඩු ගෙන යෑමට තැත්කළ එක්දරු මවක් අත්අඩංගුවට

colombotoday

මද්දුම බණ්ඩාර විදුලි බිල වැඩි කලොත් ගෙවන්න එපා කියයි. සජබ එක්ක විරෝධතා කරන්න ජනතාවට කතා කරයි

Admin