Colombo Today Local News

හිටපු කොටි සාමාජිකයන් දහයක් නිදහස ලබා ගෙදර යයි (PHOTOS)

ltte2632

වව්නියාව පුන්තෝට්ටම් කඳවුරේ දී ආරක්ෂක අංශ භාරයේ සිටි පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් පසුගිය දා ඔවුන්ගේ දෙමව්පියන් වෙත භාර දී නිදහස් කර තිබේ.

ඒ අතර ග්‍රාම නිලධාරීන් ලෙස සේවය කළ පුද්ගලයින් සිව් දෙනෙක් ද සිටින බව වාර්තා වේ.

වව්නියාව පූන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙන් 10 දෙනෙකු එලෙස නිදහස් කර ඇති අතර හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 29 දෙනෙකු මේ වනවිට එහි පුනරුත්ථාපනය වෙමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කරයි.

වව්නියාව පූන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේ සම්බන්ධීකරණ නිලධාරී කර්නල් එම්.ඒ.ආර්. හැමිඩෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නිදහස් කිරීම සිදු කරනු ලැබී ය.

වන්නි – රොමේෂ් මධුෂංඛ

Related posts

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

Admin

පළමු පාසල් වාරය ලබන 21වනදායින් අවසන්

Admin

ජනපතිගේ ඉල්ලීමක් අගමැති මහින්ද ඉවත දමයි

colombotoday

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව තර කෙරේ…

Admin

සූරියකන්ද-දෙනියාය මාර්ගයේ ගමනාගමනය ඇණහිටී

Admin

සැමන් කනවානම් ප්‍රවේශමෙන්.. අලුත්ම ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

colombotoday