ඉරිදා දිවයින් පුවත් පතේ ප්‍රධාන කතෘ අනුර සොලමන්ස් මහතාට දිගින් දිගටම මරණ තර්ජන එල්ල කරමින් දුරකතන ඇමතුම් ලැබීමක් සම්බන්ධයෙන් ඔහු විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.
දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ මර්ණ තර්ජන කළ දුරකථන අංකද සමගින් අදාළ පැමිණිල්ල දමා ඇති බවයි.
මේ පිළිබදව විමසීම සදහා අප දිවයින ප්‍රධාන කතෘ අනුර සොලමන්ස් මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහා කළද එය සාර්ථක නොවූ අතර දිවයින පුවත්පතේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද ප්‍රධාන කතෘවරයාට මරණීය තර්ජණ එල්ල වී ඇති බව අප සමග තහවුරු කර සිටියා.