World

දෙවන ලෝක යුධ සමරුවේ, රුසියානු යුධ බලය පෙන්වයි

දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනියේ නාසීන්ට එරෙහිව සෝවියට් රුසියාව ලැබූ ජයග්‍රහණයේ 71 වැනි සැමරුම එරට නවීනතම අවිආයුධ සමග මහත් හරසරින් සමරනු ලැබීය.

මොස්කව් අගනුවරදී පැවති එම දැවැන්ත හමුදා පෙළපාලියෙහි රැගෙන ගිය අවිආයුධ අතර RS-24 Yars දිගුදුර න්‍යෂ්ටික මිසයිලය සුවිශේෂී අවධානයක් දිනාගෙන තිබුණි.

ඉහළ ප්‍රහාරක බලයකින් හා නවීනතම පාලනයකින් යුතු T-14 Armata යුද ටැංකියද රුසියානු හමුදාවට එක්වූ තවත් නවතම සාමාජිකයෙක් විය.

එමෙන්ම, එරට ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා, බෝම්බ හෙළන යානා මෙන්ම ප්‍රහාරක හෙලිකොප්ටර් යානා රතු චතුරස්‍රයට ඉහළින් මෙම පෙළපාලියට සමගාමීම පියාසර කළ බව විදෙස් වාර්තා පවසයි.

එහිදී, හමුදා පෙළපාලියට එක් වූ හමුදා කණ්ඩායම් අතර එරට පාබල හමුදාවේ නවතම ජාතික ආරක්ෂක බලකායද දැකගත හැකිවිය.

Related posts

නේපාලයේ බස්රථ අනතුරකින් 28 මරුට

colombotoday

“ඇමරිකාවේ පැවැත්මට මුසල්මානුවන් තර්ජනයක්. රටට ඇතුළුවීමටවත් ඉඩ නොදිය යුතුයි” ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්

colombotoday

නරේන්ද්‍ර මෝදිට එරෙහිව විශ්වාසභංගයක්

Admin

රෝගියෙකුගේ වැරදි කකුල කපා වෙන්කළ වෛද්‍යවරියෙකුට දඩ

colombotoday

මිනිස් මොළයකින් පරපෝෂිත වටපණුවෙක් හමුවෙයි

Admin

තාවකාලික සටන් විරාමය රුසියාව කඩ කරයි

colombotoday