Colombo Today Local News

ෆොන්සේකා හිරකිරීමේ නියෝගය දුන් විනිසුරුවරියට බල්ලා නෑවීමටත් පොලිස් නිලධාරියෙක් දීලා

dog

අන්දොලනත්ම තීන්දුවක් ලෙස සැලකෙන හිටපු හමුදාපති සහ එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීමේ තීන්දුව දුන් විනිසුරුවරියගේ ආරක්‍ෂාව සදහා 15 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් පසුගිය කාලය පුරාවට ලබාදී තිබෙනවා.

එහිදී එක පොලිස් භටයකුගේ රාජකාරිය වී තිබෙන්නේ විනිසුරුවරියගේ බල්ලව නෑවීම බවයි පොලිස් ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙන්නේ. මීට අමතරව එතුමියට කඩේ යාම ඇතුළු එදිනෙදා වැඩකටයුතු මෙම පොලිස් කණ්ඩායමට කිරීමට සිදුවූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පෙරේදා දින සිට මෙලෙස සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් සිටි පොලිසියේ 11 දෙනෙකු විනිසුරුවරියගේ ආරක්ෂාවෙන් ඉවත්කර ඇත.

Related posts

ඇඟිල්ලක් නිසා ඡන්ද මධ්‍යස්ථානයක් උණුසුම්

Admin

දෙසැම්බරයේ අයි.ඩී.එච්. රෝහලේදී කොරෝනා ආසාදිත මවුවරු දරුවන් 40ක් බිහිකරලා

colombotoday

බටහිර පර්යන්තයේ ආයෝජන ව්‍යාපෘතිය ගැන කැබිනට් තීරණය මවිතයට කරුණක් – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

colombotoday

සයිටම් ප්‍රධානියා හොර දොස්තර කෙනෙක් – පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්

colombotoday

වියළි කාලගුණයෙන් වූ වගා හානි ගණනයට ගුවන් හමුදා ඩ්‍රෝන යානා යොදා ගනී

Admin

රනිල්ට 54%ක්

Admin