Colombo Today Local News

මෛත්‍රී පත්කළ කමල් සිටියදී, මහින්ද හිරියාලට යළි සාලින්ද ‍ගෙනෙයි

mahinda salinda

හිරියාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කෙරුණු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාට යළිත් හිරියාල ආසන සංවිධායක වරයා ලෙස පත් කර ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ හිරියාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කර තිබේ.

ඊයේ ඉබ්බාගමුවේ පැවති මෙම හිරියාල ආසන බල මණ්ඩල රැස්වීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, සාලින්ද දිසානායක ද ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියහ.

පසුගිය අප්‍රේල් 28 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිරියාල ආසන සංවිධායක ධුරයෙන් සාලින්ද දිසානායක මහතා ඉවත් කර නව සංවිධායක ලෙස දොන් කමල් ඉන්දිකව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබුවේය.

Related posts

අධිකරණයෙන් ආයුධ හමුවීමට සැකපිට 20ක් අත්අඩංගුවට !

colombotoday

ජුනි මස 21 වන දා අර්ධ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක්

colombotoday

යහපාලන ඇමති මණ්ඩලයත් ලෝකය දිනයි.. රටවල් 191ක් පරදා අංක 1ට එයි !

colombotoday

කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම අද සිට විවෘත වේ

Admin

විමල්ගේ බෝම්බයෙන් පියසිරිගේ තනතුර ගැලවෙයි ?

colombotoday

අමිත් වීරසිංහට පහර දුන් ඖෂධ සංයෝජක අත්අඩංගුවට

colombotoday