Colombo Today Local News

ඡන්ද ප්‍රතිපල වැරදියි.. පරිපූරක ඇස්තමේන්තුවට නැවතත් ඡන්දයක්

2016 මුදල් වර්ෂය සදහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපක් කළ රුපියල් මිලියන 55ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීම සදහා ඊයේ පැවති ඡන්ද විමසීම අත්හිටුවීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.

ඡන්ද විමසීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

අදාළ ඡන්ද විමසීමේ ප්‍රතිඵලය නිවේදනය කළ මුලසුන හෙබවූ මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා, යෝජනාවට පක්ෂව ඡන්ද තිස් තුනක් සහ විපක්ෂව ඡන්ද තිස් එකක් ලැබුණ බව නිවේදනය කෙරුණත් පසුව විපක්ෂයෙන් එල්ල වූ විරෝධතා හමුවේ නැවත ගණන් කිරීමේදී පක්ෂව සහ විපක්ෂව ඡන්ද 31 බැගින් ප්‍රකාශ වී ඇති බව පෙනී යාම හේතුවෙන් එම ඡන්ද විමසීම අහෝසි කොට නැවත ඡන්ද විමසීමක් පැවැත්වීමට තීන්දු කොට ඇත.

ඡන්දය විමසන ලද අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවේ යෝජනාව පරාජයට පත් වූ බව පවසමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස උද්ඝෝෂණය කරන්නට පටන් ගත්හ.

ඒ අනුව අදාළ වීඩියෝ පට නිරීක්ෂණය කරනු ලැබීමේ දී දෙපාර්ශවය සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇති බව පෙනී ගොස් ඇත.

මේ පිළිබඳ මාධ්‍යයට අදහස් දැක්වූ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මෙම ඡන්ද ගණනය කිරීම වැරැදිසහගත බවත්, මේ තත්ත්වය ගැන දේශපාලනමය මෙන්ම නීතිමය වශයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අද (06) පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට භාජනය කරන බවත් කීය.

 

Related posts

පොහොර හිඟයට හේතුව යහපාලනය පොහොර ආනයනකරුවන්ට මුදල් නොගෙවීමයි

colombotoday

මේ ආණ්ඩුව කපේකට වැටෙන්නේ නෑ

Admin

මැතිවරණ කොමිසමෙන් පළාත් පාලන සහ සහකාර කොමසාරිස්වරුන්ට කැඳවීමක්

Admin

අහක යන මිසයිලයක් වැටී හෝ ආණ්ඩුව කුඩුපට්ටම් වනතුරු පිරිසක් බලා ඉන්නවා

Admin

මුජිබුර් රහුමාන් මන්ත්‍රී අසුනේ ෆවුසි දිවුරුම් දෙයි

Admin

ගමට එන්නෙත් “යහපාලන” හවුල් ආණ්ඩු !

colombotoday