Colombo Today Local News

මේජර් ජෙනරාල් සුමිත් මානවඩු අභාවප්‍රාප්ත වේ!

පුද්ගලක වැඩබිමකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ මේජර් ජෙනරාල් සුමිත් මානවඩු මහතා අභාවප්‍රාප්ත වෙයි.

පසුගිය 04 වනදා පෙරවරුවේ තුවාල ලැබූ ඔහු ප්‍රථමයෙන් යුද හමුදා රෝහලට ඇතුළත් කොට පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර එවීමෙන් අනතුරුව හදිසි සැත්කමකට භාජනය කරන ලදි.

මේජර් ජෙනරාල් සුමිත් මානවඩු මහතා පසුගිය රජය යටතේ මලයාසියාවේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ලෙස ද කටයුතු කර තිබේ.

විශ්‍රාමලත් හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා ලෙස 2010 ජනාධිපති මැතිවරණයෙන් පරාජයට පත්වූ අතර මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළබව ප්‍රකාශයට පත්කිරීමත් සමගම ෆොන්සේකාගේ ආරක්ෂාවට සිටි සොල්දාදුවන් අත්අඩංගුවට ගනු ලැබුවේද මේජර් ජෙනරාල් සුමිත් මානවඩු විසිනි.

Related posts

රතු වරෙන්තු ඇති ISIS ප‍්‍රබලයන් දෙදෙනෙක් ලංකාවට ඇතුළු වේ..

colombotoday

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් – ජොන්ස්ටන් මාධ්‍යට කියයි

colombotoday

පහරදීමකින් සිංහල තරුණයෙකු මිය යෑමත් සමග තෙල්දෙණිය නොසන්සුන්.. පොලිස් කැරළි මර්ධනය කැදවයි

colombotoday

අධිකරණය ඉදිරියේ වෙඩි වරුසාවක්

Admin

‘ජාතික තෙල් හා වායු සමාගමක්’ පිහිටුවීමට කැබිනට් අනුමැතිය

colombotoday

රජයේ සේවකයන්ගේ වැටුප ගැන දැනුම්දීමක්

Admin