Colombo Today Local News

දුරකථන, සෞඛ්‍ය සේවා ගාස්තු ඉහළට.. වැඩි වූ වැට් බද්ද, දූෂණ බද්ද ලෙස නම් කරයි

ravi 125

භාණ්ඩ කිහිපයකට සඳුදා (2) සිට වැට් බද්ධ වැඩිවීමක් සිදුවන බවත් අධ්‍යාපනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි වැට් බදු වැඩිවීමක් සිදු නොවන බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

දුරකථන සඳහා සුළු වශයෙන් බදු වැඩිවීමක් සිදුවන බවත් ඇමැතිවරයා කීය.

‘මේක ඇත්තටම දූෂණ බද්දක්. ගිය ආණ්ඩුව ගත් ණය දූෂණ නිසා ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඕනෑ.‘ යැයි ද ඇමැතිවරයා කීවේය.

ඒ අනුව වර්තමානයේ පවතින බදු අයවන සැපයුම මත බදු අනුපාතය 11% සිට 15% දක්වා ඉහළ දැමේ.

විදුලි සංදේශ සේවා, විදුලි සංදේශ ක්ෂේත්‍රය සඳහා යොදා ගැනෙන යන්ත්‍රෝපකරණ සහ අධිතාක්ෂණික උපකරණ, තඹ කම්බි, දේශීය විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම මගින් නිකුත් කරනු බලපත්‍ර, සෞඛ්‍ය සේවා සැපයීම, මැයි 2න් පසු අනුමත වන නිවාස සඳහා වන විශේෂ ව්‍යාපෘති හැර අනෙකුත් විශේෂ ව්‍යාපෘති සඳහා භාණ්ඩ හා සේවා සැපයීම යන සේවාවන්ගේ බදු නිදහස ඉවත් කෙරේ.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රහාරයට විරෝධය.. වෛද්‍යවරු අද වැඩ වර්ජණයේ !

colombotoday

නිමක් නැති කෙනෙහිළිකම්! රණවිරු දරුවන්ට ජනප්‍රිය පාසල්වලත් දොර වැසේ

colombotoday

මුළු රටටම ඇඳිරිනීතිය යලි පැනවේ.

colombotoday

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බයක්. සැකකරුවන් තිදෙනෙක් CCDයට

colombotoday

චෝදනා මල්ලක් අරන් ඩයස්පොරාව සමග සන්ධ්‍යා එක්නැලිගොඩත් ජිනීවා යයි !

colombotoday

කාත්තන්කුයේ කසල තේ ඇසුරුම් කල ස්ථානයක් STF වටලයි. රුපියල් ලක්ෂ ගණනක කසල තේ සොයා ගැනේ.

colombotoday