Colombo Today Local News

Video “මොන වාරණ දැම්මත් කිරුළපන රැළියට මහ සෙනගක් එන එක වළක්වන්න බෑ” – විමල්

wimal weerawansa

කවර වාරණ නියෝග ලබා ගත්තත් ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට සහ පෙළපාලියට ලක්ෂ සංඛ්යාිත ජනකායක් එක්වීම කිසිවකුටත් වැළැක්වීමට නොහැකි යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී් විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඊයේ (30)එම පක්ෂයේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

‘‘අණ්ඩුවේ උපදෙස් අනුව පොලීසිය බියට පත් වෙලා උසාවියට කරුණු වරදවා ඉදිරිපත් කරලා වාරණ නියෝගයක් අරගෙන තිබෙනවා, නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයට ඇතුළුවීම වළක්වලා. අපට කිසිම උවමනාවක් තිබුණේ නැහැ. බලෙන් ශාලිකා ක්‍රීඩාංගණයට කඩා වැදිලා පෙළපාලිය ඒ තුළ සිට ආරම්භ කරන්න. ඒ වන විටත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ලෙස අපි පොලීසිය සමග සාකච්ඡා කොට අවට මාර්ග කිහිපයක්ම වෙන්කර ගෙන තිබුණා පෙළපාලිය පටන් ගැනීම සදහා. ඒ පිළිබදව අවබෝධයක් තිබියදී තමයි පොලීසිය උසාවි ගානේ රස්තියාදු වෙලා තිබුණේ.

කොහොම වුණත් ලක්ෂ සංඛ්යායත ජනකායක් කිරුළපන ඇතුළත්මුදලි ක්‍රීඩාංගණයේ තිබෙන රැලියට එනවා. ඒ වගේම දහවල් 1:00ට නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල තිබෙන මාර්ගවලින් අපි ආරම්භ කරන පෙළපාලියටත් එවැනිම ජන ගගක් එක්වීමට නියමිතයි. ඒක වළක්වන්න මොන වාරණ නියෝග දැම්මත් හැකි වන්නේ නැහැ” යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

Related posts

ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ

colombotoday

විදුලි මාෆියාව ක්‍රියාත්මක කරන්නේ දියවන්නාවෙන්. වගකීමෙන් කියනවා – ඩලස්

colombotoday

පේරාදෙණියේ පස් කන්දකට යට වූ අයෙකුගේ සිරුර හමුවෙයි

Admin

අද රාත්‍රී 9 සිට ඉන්ධන මිල පහතට

colombotoday

Video: උතුරේ දේශපාලකයන්ගෙන් සිංහලයා ඉලක්ක කර එල්ලවෙන ජාතිවාදී තර්ජන

colombotoday

දුම්රියෙන් ඇද වැටී තරුණයෙක් මරුට

colombotoday