Colombo Today Local News

ශ්‍රීලනිප බල අරගලයේ ජය මෛත්‍රීටද? මහින්දටද? තීරණය මැයි 01

මැයි මස පළමුවැනිදා (01දා) ගාල්ලේ සහ කිරුළපන දී පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ හවුල්කාර පක්ෂවල මැයි රැළිවලට පැමිණෙන ජන සංඛ්‍යාව මත සන්ධානයේ වැඩි බලය ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ බලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන්ටද නැත්නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටද යන්න තීරණය වනු ඇත.

මේ බල අරගලය විශාල මාධ්‍ය ජවනිකාවක් බවට පත්ව තිබූ අතර මැයි පළමු වැනිදා පෙන්වන හිස්ගෙඩි වලට අනුව බලය වැඩි තැනැත්තා කවුරුද යන්න පැහැදිලි වන බව හැඟවෙන කතා දෙපාර්ශවයෙන්ම මේ වනවිට කියැවෙමින් තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය ගාල්ලේ දී පැවැත්වෙන අතර මෙම මැයි රැළියට සහභාගී නොවී කිරුළපන පැවැත්වෙන ඒකාබද්ධ මැයි රැළියට යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක දැනටමත් දන්වා තිබේ. මීට පෙර අවස්ථා කිහිපයකදී මෙවැනි දැන්වීම් සිදු කෙරුණද පක්ෂයේ තීරණවලට විරුද්ධ වූවන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනුනේ නැත.

ඒකාබද්ධ මැයි රැළිය සංවිධානය කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ අදහස වන්නේ කිරුළපනට විශාල ජනතාවක් ගෙන්වා තමන්ගේ බලය පෙන්වන බවය. හැකි නම් මෙම රැළියට සහභාගී වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගෙන පෙන්වන ලෙස ද ඔවුහු අභියෝග කරති. මේ අභියෝගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දෙන පිළිතුර ලැබෙන්නේ මැයි දිනයෙන් පසුවය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයද මෑත ඉතිහාසයේ විශාලම සහභාගීත්වයක් ඇති මැයි පෙළපාලිය සහ රැළිය පැවැත්වීමට සූදානම් වෙයි. ඒ අනුව සත්‍ය වශයෙන්ම තම තමන්ගේ පිරිස් බලය පෙන්වීමට මෙම අවස්ථාව යොදා ගැනීමට පක්ෂ සහ පක්ෂවලින් වෙන් වූ කොටස් මැයි දිනය යොදා ගන්නා බව පෙනේ.

මැයි දිනය කම්කරුවා (වැටුප් ලබන සේවකයා)ගෙන් ගිලිහී දේශපාලඥයන්ට සහ දේශපාලන හෙංචයියන්ට සින්න වී ඇති මොහොතක බලය පෙන්වීම වෙනුවෙන් දේශපාලන පක්ෂ සිදු කරන මෙහෙයුම දෙස බුද්ධිමත් ජනතාව වඩාත් තියුණු අවධානයකින් බැලිය යුතුව තිබේ. අවශ්‍ය වන්නේ ඔළු ගෙඩි පෙන්වීම නොව ඔළු තුළ ඇති මොළ සුද්ද කරගෙන තමන්ගේ රට ගැන සිතීම බව මැයි දිනය දේශපාලකයන්ගේ දිනයක් බවට පත් කරගත් සියලු දෙනා කල්පනා කළ යුතුව තිබේ.

Ada.lk

 

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයක් ඔට්ටු නෑ… ජනාධිපතිවරණයක්නම් හා…

colombotoday

අලුත් නිකායක් හදතියි ලොකු තැන් කැළඹෙයි !

colombotoday

එෆ්.සී.අයි.ඩි. ය රහස් පොලිසිය යටතට පත්කරයි

colombotoday

කෘෂිකර්ම අමාත්‍යාංශයේ තීරණය වෙනස් වෙයි – පළිබෝධනාශක ගෙන්වන්න අවසර

colombotoday

ජවිපෙ ඒකමතිකව තීන්දු කරයි.. මන්ත්‍රී හයම විශ්වාසභංගයට පක්ෂයි

colombotoday

ලක්ෂ ගණනක භාණ්ඩ සොරාගත් කුඩ්ඩෙක් අත්අඩංගුවට

colombotoday