එදා උතුරු පළාත් මහ ඇමති වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර වෙනම ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරද්දී එවකට සිටි පාලකයන් (ජනාධිපති ප්‍රේමදාස) විධායක ජනපති බලය පාවිච්චි කරමින් ඊට එරෙහිව ක්‍රියාත්මක වූ බවත්, අද එවැනිම ආකාරයේ රට දෙකඩ කරන යෝජනා උතුරු පළාත් සභාවෙන් සම්මත කරගනිද්දී වත්මන් පරගැති පාලකයන් ඊට එරෙහිව හින් කෙදිරියක්වත් නොනගමින් නිහඩව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
උතුරු නැගෙනහිර ඒකාබද්ද කර වෙනම ප්‍රාන්තයක් නිර්මාණය කිරීම සදහා උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාව පිළිබදව විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු වැඩිදුරටත් පල කල අදහස් මෙසේය.