Colombo Today Local News

ජනපති තීරණයෙන් මුදල් අමාත්‍යාංශය අලි අමාරුවක.. රනිල් – මෛත්‍රී සීතල යුද්ධය සැර වන ලකුණු

raanilmithre

ලබන මැයි මස 02 වන දා සිටි ක්‍රියාත්මක කිරීමට රජය තිරණය කර තිබූ වැට් බදු ඉහළ දැමීම වහාම අත්හිටුවීමට ජනාධිපතිවරයා විසින් ගත් තීරණය නිසා මුදල් අමාත්‍යාංශය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම වැඩිකිරීමට අදාළ ගැසට් නිවේදනා අනෙකුත් ලේඛණ සකස්කොට ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිල වශයෙන් දන්වා යවා තිබේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමුළුවක් සදහා නිව්යෝර්ක් නුවරට ගොස් ඇත. එවැනි වටපිටාවක් යටතේ කළ යුත්තේ කුමක්දැයි දැන ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොහැකි වී තිබේ.

මේ අතර වැට් බදු සංශෝධන නැවැත්වීමට ජනාධිපතිවරයා ගත් තීරණය නිසා එජාප ප්‍රබලයන්ද දැඩි ලෙස කලබල වී ඇති අතර, බදු වැඩිකිරීම නිසා එල්නවන ජනතා විරෝධය එජාපය දෙසට හරවා ජනාධිපතිවරයාට ලකුණු දමා ගැනීමට ඉඩ නොදිය යුතු බවද ජේෂ්ඨයන් විසින් නායකත්වයට අවධාරණය කර ඇත.

මෙම බදු සංශෝධන නතර කළහොත් අහිමිවන ආදායම ලබාගැනීමට ක්‍රමයක් ජනපතිවරයා යෝජනා නොකරන බැවින් රජය තවදුරටත් අර්බුදයකට ගමන්කරනු ඇතිබවත් එහි වාසියද ජනපතිවරයා ලබාගැනීමට උත්සාහ කළහොත් එජාපයට ඉදිරිය අයහපත්වනු ඇතිබවත් ජ්‍යෙෂ්ඨයන් පෙන්වාදී ඇත.

ජනාධිපතිවරයාගේ මෙම වැට් බදු වැඩිකිරීම අත්හිටවීම පිළිබඳ නියෝගය කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව දේශපාලන විචාරකයන්ගේ මතයයි. ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ තීරණ ගැනීමේදී ජාතික ආණ්ඩුවේ ප්‍රභල හවුල්කාර පක්ෂ දෙක අතර ඇතිව තිබෙන සීතල යුද්ධය මේ හේතුවෙන් තවත් තිව්‍රෘ වෙමින් ඉදිරියට ගමන් කරනු ඇති බවයි.

Related posts

සියලුම කම්කරු කාර්යාල සෑම සිකුරාදා ම වසා තැබේ

colombotoday

ජනතාව මුලා කරමින් POLISH, RABUKKANA… ජීප් රථය ධාවනය කළ සැකකරු අත්අඩංගුවට

colombotoday

පන්තියක උපරිම සිසුන් ගණන 15යි – සඳුදා සිට පාසල් පවත්වන්නේ මෙලෙසයි

colombotoday

නිෂ්පාදකයන් බිත්තර මිල අඩු කරන්න බැ කියයි…

Admin

දුම්රිය මගීන්ට අද සිට E-Ticket

Admin

ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු භාණ්ඩ වර්ග රැසක් ආනයනයට අවසර

colombotoday